මහත් ජනතාවක් මධ්‍යයේ පාපැදි ක්‍රීඩකයෝ විශ්මිත විජ්ජා පෙන්වන කල එය බලන්න මම ඇඟිලි තුඩු වලින් සිටගෙන ඉස්සී සිටියෙමි. වටපිට බලන විට දරුවන් තිදෙනෙකු ගසකට නැගී ඒ දෙස බලා සිටිනවා දුටුවෙමි. මක්නිසාදයත් ඔවුන්ට සෙනග අතරින් ඉස්සරහට පැමිණීමට නොහැකිවූ හෙයිනි.

දරුවන් ඉහළ තලයක සිට බලනවා දකින විට සාකෙවුස් ගැන මට නොසිතා සිටිය නොහැකි විය. ධනවත් බදු අයකරන්නෙක් ලෙස ලූක් තුමා ඔහුව හඳුන්වා දෙයි (ලූක් 19:2). යුදෙව්වන් බදු අයකරන්නන් දෙස බැලුවේ හවුල් ඉශ්‍රායෙල් වරුන්ගෙන් බදු අයකර රෝම රජයට දෙන දේශ ද්‍රෝහීන් ලෙසටය. එසේම තමන්ගේ බැංකු ගිණුම් තර කර ගැනිමට වැඩිපුර මුදල් අය කරන්නන්ද ලෙසිනි. ඒ හෙයින් සාකෙවුස්ව ඔහුගේ සමාජයේ අය පිළිකුල් කළහ.

යේසුස්වහන්සේ යෙරිකෝව මැදින් යන විට උන්වහන්සේව දැකීමට සාකෙවුස්ට ඕනෑ විය. නමුත් ඔහු මිටි බැවින් සෙනගට ඉහළින් බැලීමට ඔහුට නොහැකි විය. සමහර විට දැඩි ආශාවකින්ද පාළුවකින්ද උන්වහන්සේව බැලීමට ඔහු අත්තික්කා ගසකට නගින්න ඇති (3-4 පද). සෙනගට එහායින් ඔහු සිටි ස්ථානයට පැමිණි යේසුස්වහන්සේ ඔහුගේ ගෙදරට පැමිණීමට කැමති බව ඔහුට පැවසූ සේක (5 පදය).

සාකෙවුස්ගේ කථාන්දරය අපට සිහිපත් කරන්නේ යේසුස්වහන්සේ “නැතිවූ දේ සොයන්නටද ගළවා ගන්නටද” පැමිණි බවය. උන්වහන්සේ තම මිත්‍රත්වය සහ ගැළවීම ඉදිරිපත් කළ සේක (9-10 පද). අපගේ සමූහනයෙන් අප කොන්වී සිටියද සෙනගගේ පසුපසට තල්ලුකර දමා තිබුණද එතැනදී පවා අපව යේසුස්වහන්සේ සොයා ගන්නා බවට අපට ස්ථීර විය හැකිය.