පහළොස්වන සියවසේ සිටි තාපසකයෙකු වන තෝමස් ඒ. කෙම්පිස් ඔහුගේ සම්මාණනීය ග්‍රන්ථයක් වන “ක්‍රිස්තුස්වහන්සේ අනුගමණය” යන්නෙහි පරීක්‍ෂාව ගැන යම් පුදුමයක් ගෙන දෙන දෙයක් පවසයි. පරීක්‍ෂාව ගෙන ආ හැකි වේදනාව සහ කරදර ගැන අවධානය යොමු නොකර ඔහු ලියන්නේ “පරීක්‍ෂා” අපව යටහත්කමට පමුණුවන නිසා ඒවා ප්‍රයෝජනවත් කියාය. ඒවා අප පවිත්‍රකර අපට උගන්වන බව ඔහු පවසයි. ජයග්‍රහණයට යතුර නම් සත්‍ය යටහත්කම සහ ඉවසීම බවද ඒවායින් අපට සතුරා පැරදවිය හැකි බවද ඔහු පවසයි.

“යටහත්කම සහ ඉවසීම”: මා පරීක්‍ෂාවට මුහුණ දෙන සාමාන්‍ය ආකාරය මෙය වන්නේ නම් මා ක්‍රිස්තුස්වහන්සේ තුළ ගමන් කරන ආකාරය කෙතරම් වෙනස් වේද? බොහෝ විට මම ලැජ්ජාවෙන් අසහනයෙන් සහ අරගලය අවසන් කිරීමේ නොඉවසිල්ලෙන් ඊට ප්‍රතිචාර දක්වමි.

අප යාකොබ් 1 න් ඉගෙන ගන්නා පරිදි අප මුහුණ දෙන පරීක්‍ෂාවන් සහ සෝදිසි කිරීම් අරමුණකින් තොර හෝ තර්ජනයක් හෝ නොවිය යුතුය. පරීක්‍ෂාවට මුහුණ දීම සිත් බිඳීම් සහ විනාශය ගෙන ආ හැකි වුවද (13-15 පද) අප දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ අනුග්‍රහය සොයමින් යටහත් සිතින් දෙවියන්වහන්සේ වෙත හැරුණ විට උන්වහන්සේ “වරද නොතබා…. බොහෝ කොට සියල්ලන්ට දෙන දෙවියන්වහන්සේය” (5 පදය) යන්න තේරුම් යන්නේය. අප තුළ ඇති උන්වහන්සේගේ බලය තුළින් අපගේ සෝදිසි සහ අරගල තුළින් පාපයට විරුද්ධ වන විට දරා ගැනීමේ ශක්තිය ගොඩ නැගෙන්නේ අප කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිසය” (4 පදය).

අප යේසුස්වහන්සේ මත විශ්වාසය තබන විට බියෙන් ජීවත්වීමට හේතුවක් නැත. අපට පරීක්‍ෂා පැමිණෙන විට දෙවියන්වහන්සේගේ අති ප්‍රේමණිය දරුවන් ලෙස අපි උන්වහන්සේගේ ප්‍රේමණීය දෑත්වල විශ්‍රාමය ලබමු. එවිට අපට සාමය ලැබිය හැකිය.