ලන්ඩන්හී ශාන්ත පාවුළු දේවස්ථානයේ තිබෙන උස් කුළුණෙහි සංචාරකයින් පිය ගැට පෙළ නැංග විට මිමිණීමේ ගැලරිය වෙත ඔවුන් ළඟ වන්නෝය. එහි සිට යමෙක් මිමිණූ විට වක්‍ර පඩිපෙළෙහි ඕනෑම තැනක සිටින අයෙකුට එය ඇසෙනු ඇත. එසේම අඩි සියයක් එහා ඇති ශාලාවේ සිටින අයටද එය ඇසේ. ඉන්ජිනේරුවන් මෙය විස්තර කරන්නේ එසේ වන්නේ කුළුණේ වක්‍රාකාර හැඩය සහ මිමිණීමක ඇති ශබ්ද අඩු වායු තරංග නිසාය කියාය.

අපගේ වේදනාකාරී මිමිණීම් දෙවියන්වහන්සේට ඇසෙනු ඇතැයි අපි කෙතරම් ආශාවෙන් සිටිමුද? ගීතාවලියේ ඇති බොහෝ සාක්‍ෂි පවසන්නේ උන්වහන්සේ අපගේ යාච්ඤා; මොරගැසීම් සහ මිමිණීම් අසන බවය. දාවිත් ලියන්නේ “මාගේ විපත්තියේදී ස්වාමින්ට හඬ ගැසීමි. මාගේ දෙවියන්වහන්සේට මොර ගැසීමි” (ගීතාවලිය 18:6) යනුවෙනි. නැවත නැවත ඔහු සහ අනෙකුත් ගීතිකාකරුවන් “මාගේ යාච්ඤාව” (4:1), “මාගේ හඬ” (5:3), “සුසුම්ලීම්” (102:21) යනුවෙන් කන්නලව් කරති. සමහර විට ආයාචනය මිමිණීමකි. “මට සවන් දෙන්න” (27:1), “මාගේම සිත සමග කථා කරමි. මාගේ ආත්මය ඕනෑකමින් විමසුවේය” (77:6) යනුවෙනි.

මෙම ආයාචනාවලට පිළිතුරු ලෙස දාවිත් වැනි ගීතිකාකරුවන් ගීතාවලිය 18:6 හි දෙවියන්වහන්සේ සවන් දෙන බව එළිදරව් කරයි. “උන්වහන්සේ තමන් මාලිගයෙහි සිට මාගේ හඬ ඇසූ සේක. උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොර ගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය”. නියම මාළිගාව එවිට සාදා නොතිබුණු නිසා දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වර්ගීය මාළිගාවේ සිට අසන බවට දාවිත් සඳහන් කරන්නේද?

දෙවියන්වහන්සේ තම මිමිණීමේ ගැලරියේ සිට එනම් : පොළොවට ඉහළින් ස්වර්ගීය වාසස්ථානයේ සිට අපගේ ගැඹුරු මිමිණීම්වලට අපගේ කෙඳිරිල්ලට නැමී ඇහුම්කන් දෙන සේක.