ආපදා සිදුවන විට ප්‍රථම ප්‍රතිචාර දක්වන්නෝ ඉදිරි පෙළ සිටිමින් තම ධෛර්යය සහ කැපවීම පෙන්නුම් කරති. 2001 නිව්යෝර්ක් නගරයට කළ පහර දීමේදී දහස් ගණනක් මිය ගොස් සමහරු තුවාල වූ විට කාර්ය මණ්ඩලයේද හාරසියයක් පමණ ජීවිතයෙන් වන්දි ගෙව්වෝය. ප්‍රථම ප්‍රතිචාරකයන්ට ගෞරවයක් ලෙස එක්සත් ජනපද සෙනෙට් සභාව සැප්තැම්බර් මස 12 වන දින දිරිමත් කිරීමේ ජාතික දිනය ලෙස නම් කළෝය.

රජයක් විසින් දිරිමත් කිරීමේ ජාතික දිනයක් නම් කිරීම අසමසම දෙයක් වුවද අපෝස්තලු පාවුල් සභාවේ වර්ධනයට මෙය අවශ්‍ය බව අනිවාර්යයෙන් දැන සිටියේය. ඔහු තෙසලෝනිකයේ තරුණ සභාවට පැවසුවේ “ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යය කරන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි නුඹලාට අවවාද කරමු” කියාය (1 තෙසලෝනික 5:14). ඔවුන් පීඩාව තුළින් ගියද පාවුල් ඇදහිලිවතුන්ව දිරිමත් කළේ “එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් වූ දේ කරන්න” (15 පදය) යනුවෙනි. මනුෂ්‍යයන් ලෙස ඔවුන් කලකිරීමටද ආත්මාර්ථකාමී භාවයටද ගැටුමටද බර වෙති. එසේම එකිනෙකා එසවීමට දෙවියන්වහන්සේගේ උපකාරය නැතිවම බැරිවන බවද ඔහු දැන සිටියේය.

අදද කාරණාවල වෙනසක් නැත. අප සියලු දෙනාට දිරිය අවශ්‍ය වේ. අප අවට සිටින අයටද එය අප කළ යුතු වේ. නමුත් අපගේ ශක්තියෙන් එය කළ නොහැකිය. පාවුල්ගේ ධෛර්යමත් කිරීම “නුඹලා කැඳවන තැනැත්තේ (යේසුස්වහන්සේ) විශ්වාසව සිටින සේක. උන්වහන්සේ එය ඉෂ්ටද කරන සේක” (24 පදය) යන්න අවශ්‍ය වන්නේ ඒ නිසාය. උන්වහන්සේගේ උපකාරයෙන් දිනපතා අපට එකිනෙකා දිරිමත් කළ හැකිය.