“මම බයිබලයක් ඇල්ලුවොත් එය මගේ අතේම ගිනි ගනීවි” කියා සමූහන විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරිය කීවාය. මාගේ හදවත වැටුණි. අප දෙදෙනා එදින කියවූ නවකථාවේ බයිබලීය උපුටා ගැනීමක් තිබුණි. එය බැලීම සඳහා මම බයිබලය ඇදගත් විට ඇය එය දැක ඉහත කී ප්‍රකාශය කළාය. සමාව දීමට බැරි තරම් ඇය පව් කර ඇතැයි මාගේ ආචාර්යවරිය සිතුවාය. එසේ වූවත් ඇයට දෙවියන්වහන්සේගේ ප්‍රේමය කීමට තරම් මම නිර්භිත නොවීමි. එසේම අපට ඕනෑම වෙලාවක දෙවියන්වහන්සේගේ සමාව සෙවිය හැකි බව බයිබලය කියන්නේ යැයිද මම නොකීවෙමි.

නෙහෙමියා පොතෙහි පසුතැවිල්ල සහ සමාව දීම ගැන උදාහරණයක් තිබේ. ඔවුන්ගේ පාපය නිසා ඉශ්‍රායෙල් වරුන්ව විප්‍රවාසයට යවා තිබුණි. නමුත් දැන් ඔවුන්ට යෙරුසලමට යන්න ඉඩ හැර තිබේ. ඔවුන් පදිංචි වූ පසු ලියන්නා වන එස්රා ඔවුන්ට ව්‍යවස්ථාව කියෙව්වේය (නෙහෙමියා 7:73-6:3) ඔවුන්ගේ පාප මධ්‍යයේ පවා දෙවියන්වහන්සේ ඔවුන්ව අත්හැරියේවත් තනි කළේවත් නැති බව සිහිකරමින් ඔවුහු තම පාප කියා දුන්හ 9:17,19). ඔවුන් මොර ගැසූ විට උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක. සානුකම්පාවෙන් සහ දයාවෙන් උන්වහන්සේ ඔවුන් ගැන ඉවසූ සේක (27-31 පද).

එලෙසම දෙවියන්වහන්සේ අප ගැනද ඉවසන සේක. අපගේ පව් කියාදී උන්වහන්සේ වෙත හැරෙයි නම් උන්වහන්සේ අපව අත්හරින්නේ නැත. ඇයගේ අතීතය කෙසේ වෙතත් යේසුස්වහන්සේ ඇයට ප්‍රේම කරන බවත් ඇයව උන්වහන්සේගේ පවුලේ කොටසක් කර ගන්න උන්වහන්සේට අවශ්‍ය බවත් නැවත ගොස් මගේ ආචාර්යවරියට කීමට ඇත්නම් කියා මට සිතේ. ඔබ ගැනත් මා ගැනත් උන්වහන්සේට හැඟෙන්නේ එසේමය. සමාව ඉල්ලමින් අපට උන්වහන්සේව සෙවිය හැකිය. උන්වහන්සේ එය දෙන සේක.