මා අළුත් රටකට ගිය විට මාගේ පළමු අත්දැකීම වූයේ මාව ඔවුන් නොපිළිගන්නා බවය. එදින මාගේ ස්වාමිපුරුෂයා දේශනා කළ සභාවේ අසුනක් සොයා ගෙන එහි වාඩි වූයෙමි. “ටිකක් එහාට යන්න” යයි වයසක මනුෂ්‍යයෙක් රළු හඬකින් කී විට මම තිගැස්සුණෙමි. ඔහුගේ භාර්යයාව සමාව අයදිමින් කියා සිටියේ මා වාඩිවී ඉන්නේ ඔවුන් සැමදා වාඩිවන අසුනේ බවයි. පසුව මට දැන ගන්නට ලැබුණේ සමූහනය ආසන කුලියට දුන් බවයි. එය සභාවට මුදල් ගෙන ආ අතර වෙන අයෙකුගේ අසුනේ කිසිවෙකු වාඩි නොවුනි. දශක ගණනාවක් එම මානසිකත්වය සභාවට පැමිණ තිබුණි.

පසු කලෙක විදේශීන්ට සළකන්න කියා ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේ අණ කළේ මා අත්දුටු සංස්කෘතික පුරුදුවලට පටහැනිවය. තම සෙනග දියුණුවන පිණිස දුන් නියෝග අනුව විදේශීන්ට සළකන්න යයි දෙවියන්වහන්සේ කීවේ ඔවුන්ද වරක් විදේශීන්ව සිටි නිසාය (ලෙවී කථාව 19:34). ඔවුන් කරුණාවන්තව අමුත්තන්ට සැළකිය යුතු වූවා පමණක් නොව (33 පදය) ඔවුන්ට “තමන්ට මෙන් ප්‍රේම කළ යුතුද” (34 පදය) වූයේය. දෙවියන්වහන්සේ ඔවුන්ව මිසරයේ පීඩාවන්ගෙන් මුදවා ගෙන කිරි හා මී පැණියෙන් ඉතිරෙන (නික්මයාම 3:17) දේශයක් ඔවුන්ට දුන් සේක. එම ප්‍රදේශයට පැමිණි අනෙක් අයව පිළිගැනීමද උන්වහන්සේ තම සෙනගගෙන් බලාපොරොත්තු වූ සේක.

ඔබගේ මධ්‍යයෙහි විදේශිකයන් සිටි විට ඔවුන් සමග දෙවියන්වහන්සේගේ ප්‍රේමය බෙදා ගැනීමට බාධාවන සංස්කෘතික පුරුදු එළිදරව් කරන්න යයි දෙවියන්වහන්සේට කියන්න.