නෙදර්ලන්තයේ මෝස්තර සැළසුම්කරුවන් කණ්ඩායමක් රත්‍රං කැළැල් නම් වැඩ මුළුවක් කරති. එය ඔවුන්ට ලැබී ඇත්තේ කිංසුගී නැමති ජපන් තාක්‍ෂණයෙනි. කැඩුණු පෝසිලේන් භාණ්ඩ රත්‍රං වලින් අලවන්නේය. ඇඳුම්වලටද රන් කොටස් දමා ඒවායේ ඉරුණු තැන් සඟවන්නට නොව ඒවා පෙනෙන්ට සළස්වයි. ඇරයුම් ලබන අය තමන් කැමති ඉරුණු ගෙවුණු වස්ත්‍ර ගෙනවුත් ඒවා රන්වලින් අලුත්වැඩියා කර ගනිති. ඔවුන් ඒවා අලුත් වැඩියා කර ගන්නා විට ඒවා රත්‍රං කැළැල් ඇති අලංකාර භාණ්ඩයන් බවට පත්වේ.

ඇඳුම් පරිවර්තනය වී ඉරුණු සහ ගෙවුණු ස්ථානයන් හොඳින් උද්දීපනය වේ. මෙය තමන්ගේ දුර්වලකම් පෙන්වන දේවල් ගැන පාරට්ටු කර ගන්නෙමි කියා පාවුල් කියන දෙයට සමාන වන්නේය. ඔහු “එළිදරව්වල අතීශය උතුම්කම” අත් දැක්කත් ඔහු ඒ ගැන පාරට්ටු කරන්නේ නැත (2 කොරින්ති 12:6). අහංකාර වී පමණට වඩා උසස් නොවන පිණිස මාංසයේ උලක් තබා ඇති බව ඔහු කියන්නේය (7 පදය). ඔහු කියන්නේ කුමක්දැයි කිසිවෙකු හරියට නොදනී. සමහර විට ආතතිය, මැලේරියා ලක්‍ෂණයක්, සතුරන්ගෙන් පීඩාවක් හෝ වෙනත් දෙයක් විය හැකිය. ඒ කුමක් වූවත් ඔහු එය ඉවත් කරන්න යැයි දෙවියන්වහන්සේගෙන් ඉල්ලීය. නමුත් දෙවියන්වහන්සේ “මාගේ කරුණාව නුඹට සෑහේ. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේ යැයි” ඔහුට කී සේක (9 පදය).

මෝස්තර කරුවන් විසින් පරණ ඇඳුම්වල ඉරීම, ගෙවීම අලුත්වැඩියා කළ විට අලංකාර දර්ශනයක් බවට එය පත්වන්නා සේ අපගේ දුර්වල ස්ථාන දෙවියන්වහන්සේගේ බලය සහ මහිමය උද්දීපනය වන ස්ථාන බවට පත්වන්නේය. උන්වහන්සේ අපව එකට තබන සේක. වෙනස් කරන සේක. අපගේ දුර්වලතා අලංකාර කරන සේක.