ඇලස්කානු කිහිරි ගස කුණාටුවේ තද සුළඟින් එහා මෙහා වැණුනේය. රෙජී එම ගසට ආදරය කළේ ගිම්හානයේ අව් රශ්මියෙන් ආරක්‍ෂාව සැපයු නිසා පමණක් නොව ඇගේ පවුලේ පෞද්ගලිකභාවය ආරක්‍ෂා කළ නිසාත් ය. දැන් දරුණු කුණාටුව එහි මුල් ගළවන්නට වැර දරන්නේය. රෙජී ඇගේ 15 හැවිරිදි පුතා සමඟ ගස බේරාගැනීමට උත්සාහ කරන්නට ඉක්මණින් දිව ගියාය. ඇගේ දෑත් සහ රාත්තල් 90ක ශරීරය ගසට තදකරගෙන ඇයත් ඇගේ පුතාත් ගස පෙරළීම වළක්වන්නට උත්සාහ කළෝය. නමුත් ඔවුන්ගේ ශක්තිය ප්‍රමාණවත් වුනේ නැත.

දාවිත් රජතුමා වෙනත් ආකාරයක කුණාටුවකදී දෙවියන්වහන්සේට මොරගැසූ විට, උන්වහන්සේ ඔහුගේ ශක්තියවූ සේක (ගීතාවලිය 28:8). මෙම ගීතිකාව ලියා ඇත්තේ ඔහුගේ ලෝකය කඩා වැටෙන තත්ත්‍වයක සිටි අවස්ථාවක බව සමහර විචාරකයින් පවසයි. ඔහුගේම පුත්‍රයා ඔහුට විරුද්ධව නැඟී සිටිමින් සිංහාසනය පවරාගැනීමට උත්සාහ කළේය (2 සාමුවෙල් 15). ඔහුට එතරම් අවධානම් සහිත බවක් සහ දුර්වල බවක් දැණුන නිසා දෙවියන්වහන්සේ නිහඬව සිට, ඔහු මිය යයි කියා බිය විය (ගීතාවලිය 28:1). “මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව” ඔහු දෙවියන්වහන්සේට මොරගැසුවේය (2 පදය). තමන්ගේ පුත්‍රයා සමඟ සම්බන්ධතාවය වෙනස් නොවුනත් දෙවියන්වහන්සේ දාවිත්ට ඉදිරියට යන්නට ශක්තිය දුන්සේක.

නරක දේවල් සිදුවීම නවත්වන්නට අපි කොතරම් ආශාකරන්නේද! ඇත්තටම අපිට පුළුවන් නම් කොතරම් යහපත්ද. නමුත් අපගේ දුර්වලකම් වලදී අපගේ පර්වතය වන පිණිස අපට සෑම විටම දෙවියන්වහන්සේට හඬගැසිය හැකි බව උන්වහන්සේ පොරොන්දු වන සේක (1-2 පද). අපට ශක්තිය නොමැති විට, උන්වහන්සේ අපගේ එඬේරා ලෙස අපව සදාකාලයටම ඔසවාගෙන යන සේක (8-9පද).