විශ්ව විද්‍යාලයේදී මම ගිම්හාන කාලය ගත කිරීමට වෙනිසියුලාවට ගියෙමි. කෑම ඉතාමත් රසයි. ජනතාව ප්‍රිය මනාපයි. කාලගුණය සහ ආගන්තුක සත්කාරය ඉතාමත්ම හොඳයි. කෙසේ වෙතත් පළමු දින හෝ දෙක හෝ තුළ කාල කළමණාකරණය ගැන මගේ මිතුරන්ට අවබෝධයක් නොතිබුණු බව මම වටහා ගත්තෙමි. අපි දිවා කාලයේ කෑම ගැනීමට සැළසුම් කළ හොත් එයින් අදහස් කළේ මධ්‍යහන 12.00 ත් 1.00 ත් අතර ඕනෑම වෙලාවකි. රැස්වීම් හෝ ගමන්ද එසේමය. කිසිම කාල රාමුවක් තුළ වැඩ කිරීමකින් තොරව වැඩ ආරම්භ වූයේ ආසන්න වේලාවකයි. “නියමිත වේලාවට සිටීම” පිළිබඳ මගේ අදහසට වඩා එය සංස්කෘතික වශයෙන් සෑදී ඇති බව මම අවබෝධ කර ගත්තෙමි.

අපි නොදැනුවත්වම අප සියල්ලන්ම හැඩගස්වා ඇත්තේ අප වටා ඇති සංස්කෘතික අගයන් මගිනි. අපෝස්තලු පාවුල් මෙම සංස්කෘතික බලය “ලෝකය” කියා හඳුන්වයි (රෝම 12:2). මෙහිදී “ලෝකය” යන්නෙන් භෞතික විශ්වය අදහස් නොකෙරේ. නමුත් එය අපගේ පැවැත්ම පුරා පැතිරී ඇති චින්තන ක්‍රම වෙත යොමු වේ. එයින් කියැවෙන්නේ අපි නිශ්චිත ස්ථානයක හා වේලාවක ජීවත් වන නිසා අපට භාර දී ඇති ප්‍රශ්න කළ නොහැකි උපකල්පන සහ මග පෙන්වීම්ය.

“මේ ලෝකයේ ආකාරයට නොවී” අවදියෙන් සිටින ලෙසට අපෝස්තලු පාවුල් අපට අනතුරු අඟවයි. ඒ වෙනුවට, අපි “සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර” (2 පදය) විය යුතු වන්නෙමු. අපිව ගිලගෙන ඇති සිතුවිලි සහ විශ්වාසයන් ගැන විරෝධයක් නොදක්වා පිළිගන්නවා වෙනුවට දෙවියන්වහන්සේගේ සිතුවිලි සක්‍රීයව ලුහුබඳින ලෙසටත් උන්වහන්සේගේ “යහපත්, ප්‍රසන්න සහ පරිපූර්ණ කැමැත්ත” තේරුම් ගන්නේ කෙසේදැයි ඉගෙන ගන්නා ලෙසටත්ය. අනෙකුත් සෑම හඬකටම වඩා දෙවියන්වහන්සේ අනුගමණය කිරීමට අපි ඉගෙන ගනිමු.