ලුසී වෝර්ස්ලී බ්‍රිතාන්‍ය ඉතිහාසඥවරියක් සහ රූපවාහිණී ඉදිරිපත් කරන්නියක්ද වූවාය. මහජනතාවගේ අවධානයට ලක්වන බොහෝ මිනිසුන්ට මෙන් ඇයට සමහර විට අප්‍රසන්න ලිපි ලැබෙයි. ඇයගේ කාරණයේදී මෘදු ලෙස කථා කිරීමේ බාධාවක් නිසා ඇයගේ “ර” ශබ්දය “අ” ශබ්දය මෙන් ඇසේ. එක් අයෙක් ඇයට මෙසේ ලිවීය. “ලුසී, මම කෙළින්ම කියන්නම්. කරුණාකර ඔබේ කම්මැලි කථාව නිවැරදි කිරීමට හෝ ඔබේ අත් පිටපතෙන් “ර” ශබ්දය ඉවත් කිරීමට හෝ දැඩි උත්සාහයක් දරන්න. ඔබේ රූපවාහිණී කථා මාලාව සම්පූර්ණයෙන්ම ඇසීමට මට නොහැකි වූයේ එය මා කෝපයට පත් කළ නිසාය. සුභ පැතුම්. ඩැරන්”.

කෙනෙකුගේ හැඟීම් නොසළකා මෙවැනි තරහ උපදවන වචන පාවිච්චි කරන විටදී සමහර පුද්ගලයන්ගෙන් ඒ හා සමානම රළු පිළිතුරක් ලැබෙන්න පුළුවන. නමුත් ලුසී ප්‍රතිචාර දැක්වූ ආකාරය මෙන්න : “අනේ ඩැරන්, මම සිතන්නේ ඔබ මගේ මුහුණට නොකියන දෙයක් කීමට අන්තර්ජාලයේ නිර්නාමික භාවය භාවිතා කර ඇති බවයි. කරුණාකර ඔබගේ අකාරුණික වචන නැවත සලකා බලන්න. ලුසී”.

ලුසීගේ දක්‍ෂ ප්‍රතිචාරය සාර්ථක විය. ඩැරන් සමාව අයැද සිටි අතර නැවත කිසි කෙනෙකුට එවැනි විද්‍යුත් තැපැල් නොයවන බවට පොරොන්දු විය.

හිතෝපදේශයේ සඳහන් වන්නේ “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හට ගනියි” (15:1) කියාය. තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි. එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි (18 පදය). අපට සේවා සහකරුවෙක්ගෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් හෝ පවුලේ සාමාජිකයෙක්ගෙන් ප්‍රෝඩාකාර ප්‍රකාශයක් හෝ ආගන්තුකයෙක්ගෙන් අපහාසාත්මක පිළිතුරක් හෝ ලැබුණු විට අපට තෝරා ගැනීමක් තිබේ : කෝපාවිෂ්ඨ වචන කථා කර ගිනිදැල් දැල්වීමට හෝ මෘදු වචනවලින් ඒවා නිවීමට හෝ පුළුවන.

උදහස දුරුකරන වචන කථා කරන්න දෙවියන්වහන්සේ අපට උපකාර කරන සේක්වා. එසේම රළු අය පවා වෙනස් කිරීමට අපට උපකාර කරන සේක්වා.