මම දණින් වැටී මගේ කඳුළු බිම වැටෙන්නට ඉඩ හැරියෙමි. “දෙවියන්වහන්ස, ඔබවහන්සේ මා ගැන සළකන්නේ නැත්තේ මන්ද?” මම හැඬුවෙමි. එය සිදු වූයේ 2020 කෝවිඩ්-19 වසංගතය අතරතුරදීය. මසකට ආසන්න කාලයක් මාව සේවයන් ඉවත් කරන ලද අතර මගේ විරැකියා අයදුම්පතේ යම්කිසි වරදක් සිදුවී තිබුණි. මට තවම මුදල් ලැබී නොතිබුණි. එක්සත් ජනපද රජය පොරොන්වූ උත්තේජන චෙක්පතද තවමත් පැමිණියේ නැත. දෙවියන්වහන්සේ සෑම දෙයක්ම කරාවි යයි මම ගැඹුරින් විශ්වාස කළෙමි. උන්වහන්සේ ඇත්තෙන්ම මට ප්‍රේම කරන බවත් මා ගැන සළකා බලන බවත් මම විශ්වාස කළෙමි. නමුත් ඒ මොහොතේදී මට දැණුනේ මාව අත්හැර දමා ඇති බවයි.

විලාප ගී පොත අපට මතක් කර දෙන්නේ විලාප නැගුවාට කම් නැත කියාය. ක්‍රි.පූ. 587 දී බබිලෝනිවරුන් යෙරුසලම විනාශ කළ කාලය හෝ ඊට පසුව හෝ මෙම පොත ලියන්නට ඇති. ජනතාව මුහුණ දුන් අධික කරදර (3:1, 19), පීඩා (1:18) සහ සාගින්න (2:20); එහි විස්තර කර තිබේ. නමුත් පොතේ මැද භාගයේදී ඔහුට බලාපොරොත්තු තැබිය හැක්කේ මන්ද කියා කතුවරයාට සිහිපත් වන්නේය. “අප විනාශ නුණේ ස්වාමින් වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ. ඔබගේ විශ්වාසකම මහත්ය” (3:22-23). විනාශය කෙබඳු වූවත් දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටින බව කතුවරයාට සිහිපත් වන්නේය.

සමහර විට “ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්” (25 පදය) බව විශ්වාස කළ නොහැකි යැයි හැඟේ. විශේෂයෙන් අපගේ දුක් වේදනාවන්ට අවසානයක් නොපෙනෙන විටදී. නමුත් උන්වහන්සේ අපට සවන් දෙන බවත් වේදනාවන් තුළින් අපව ගෙන යාමට උන්වහන්සේ විශ්වාසවන්තව සිටින බවත් විශ්වාස කරමින් අපට උන්වහන්සේට මොර ගැසිය හැකිය.