Archives: ජූලි 2021

ක්‍රිස්තුස්වහන්සේ තුළ මිල කළ නොහැකි ජීවිත

මාගේ නැතිවූ විවාහ මංගල්‍යය සහ සංවත්සර මුදු සෙවීමේ නොඉවසිලිමත් කාලය අතර තුර මගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේය. පැයක පමණ කාලයක් පුටුවල කුෂන් ඔසවා අපගේ නිවසේ සෑම අස්සක් මුල්ලක් නෑරම සෙවූ පසු “මට සමාවෙන්න. අපි ඒවා ආදේශ කරමු” කියා ඇලන් පැවසුවේය.

“ස්තූතියි” මම ප්‍රතිචාර දැක්වූයෙමි. “නමුත් එහි භාවාත්මක අගය ද්‍රව්‍යමය වටිනාකමට වඩා වැඩියි. ඒවා ආදේශ කිරීමට නොහැකියි”. යාච්ඤා කරමින් මම…

ඊර්ෂ්‍යාවෙන් ජය ගැනීම

ඇමේඩියස් චිත්‍රපටියේ වයස්ගත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සාලියරි ඔහුගේ පියානෝ සංගීතයක් නැරඹීමට පැමිණ සිටි පූජකයෙක් වෙනුවෙන් වාදනය කළේය. ලැජ්ජාවට පත් පූජකයා පාපෝච්චාරණය කළේ ඔහුට තනු හඳුනාගත නොහැකි බවයි. “මේක කොහොමද?” ක්‍ෂණිකව හුරුපුරුදු තනුවක් වාදනය කරමින් සාලියරි ඇසුවේය. “ඔබ එය ලියා ඇති බව මම දැන සිටියේ නැහැ” කියා පූජකයා කීවේය. “මම එය කළේ නැහැ” කියා සාලියර් පිළිතුරු දෙයි. “ඒ මොසාර්ට්”. නරඹන්නන් සොයා…

යේසුස්වහන්සේ අපගේ සමාදානයයි

ටෙලිමාකස් නම් භික්‍ෂුවක් නිහඬ ජීවිතයක් ගත කළ නමුත් හතරවන සියවස අවසානයේ ඔහුගේ මරණය ලෝකය වෙනස් කළේය. නැගෙනහිර සිට රෝමයට ගිය ටෙලිමාකස් ග්ලැඩියේටර්වරුන්ගේ පිටියේ ලේ ක්‍රීඩාවට මැදිහත් වුනි. ඔහු ක්‍රීඩාංගණයේ බිත්තියට උඩින් පැන ග්ලැඩියේටර්වරුන් එකිනෙකා ඝාතනය කිරීම වැළැක්වීමට උත්සාහ කළේය. එහෙත් කෝපයට පත්වූ සමූහයා භික්‍ෂුවට ගල් ගසා මරා දැමූහ. කෙසේ වෙතත් හොනොරියස් අධිරාජ්‍යයා ටෙලිමාකස්ගේ ක්‍රියාවෙන් පෙළඹී වසර 500 ක ග්ලැඩියේටර් ක්‍රීඩාවල…

දෙවියන්වහන්සේගේ ප්‍රේමය වඩාත් ශක්තිමත්ය

2020 දී ඇලිස්සා මෙන්ඩෝසාට මධ්‍යම රාත්‍රීයේදී ඇගේ පියාගෙන් පුදුම සහගත විද්්‍යුත් ලිපියක් ලැබුණි. දෙමව්පියන්ගේ විසිපස්වන විවාහ සංවත්සරය වෙනුවෙන් මව සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව උපදෙස් එම පණිවුඩයේ තිබුණි. මෙය කම්පනයට පත්වීමක් වන්නේ කෙසේද? ඇලිස්සාගේ පියා මිය ගොස් තිබුණේ මාස දහයකට පෙරය. ඔහු අසනීපව සිටිද්දී මෙම දිනය වෙනුවෙන් ඔහු නොසිටීය යන හැඟීමෙන් ඔහු විද්්‍යුත් ලිපිය ලියා උපලේඛණගත කර ඇති බව…

දෙවියන්වහන්සේ සපයන ප්‍රීතිය

ප්‍රසිද්ධ ස්ථානවල සිටින විට නිතරම අන් අය හා සිනහසීමට මාෂියා උත්සාහ කරන්නීය. මිත්‍රශීලි මුහුණක් දැකීමට අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟාවීමට එය ඇයගේ ක්‍රමය වන්නේය. බොහෝ විට ඇයට අව්‍යාජ සිනහවක් ලැබේ. නමුත් මාෂියාට මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්්‍යය කර තිබූ කාලයක මනුෂ්‍යයන්ට තවදුරටත් ඇගේ මුඛය නොපෙනෙන බවත් එම නිසා ඇගේ සිනහව කිසිවෙකුට නොපෙනෙන බවත් ඇය තේරුම් ගත්තාය. එය කණගාටුදායකයි. ඇය සිතුවාය. නමුත් මම…