ඇමේඩියස් චිත්‍රපටියේ වයස්ගත නිර්මාපකයෙකු වන ඇන්ටෝනියෝ සාලියරි ඔහුගේ පියානෝ සංගීතයක් නැරඹීමට පැමිණ සිටි පූජකයෙක් වෙනුවෙන් වාදනය කළේය. ලැජ්ජාවට පත් පූජකයා පාපෝච්චාරණය කළේ ඔහුට තනු හඳුනාගත නොහැකි බවයි. “මේක කොහොමද?” ක්‍ෂණිකව හුරුපුරුදු තනුවක් වාදනය කරමින් සාලියරි ඇසුවේය. “ඔබ එය ලියා ඇති බව මම දැන සිටියේ නැහැ” කියා පූජකයා කීවේය. “මම එය කළේ නැහැ” කියා සාලියර් පිළිතුරු දෙයි. “ඒ මොසාර්ට්”. නරඹන්නන් සොයා ගත් පරිදි මොසාර්ට්ගේ සාර්ථකත්වය සාලියර් කෙරෙහි දැඩි ඊර්ෂ්‍යයාවක් ඇති කළේය. එය මොසාර්ට්ගේ මරණයට ඔහුගේ දායකත්වයටද මග පෙන්වීය.

තවත් ඊර්ෂ්‍යා කථාවක හරයේ ගීතයක් රැඳී තිබේ. ගොලියත්ට එරෙහිව දාවිත් ජයග්‍රහණය කළ පසු “සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීය” කියා ඊශ්‍රායෙල්වරු ප්‍රීතියෙන් ගායනා කළහ (1 සාමුවෙල් 18:7). සැසඳීම සාවුල් රජුට නොගැළපුණි. දාවිත්ගේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යා වූ ඔහු තම සිංහාසනය අහිමි වේ යැයි බියෙන් (8-9 පද) දාවිත් පසුපස ලුහුබැඳ ගොස් ඔහුගේ ජීවිතය නැති කිරීමට උත්සාහ කරයි.

සංගීත දක්‍ෂතාවය ඇති සාලියරි හෝ බලය ඇති සාවුල් හෝ මෙන් සාමාන්‍යයෙන් අපට සමාන වූ නමුත් වඩාත් දක්‍ෂතා ඇති අයට ඊර්ෂ්‍යයා කිරීමට අපිත් පෙළඹෙන්නෙමු. එය ඔවුන්ගේ කාර්්‍යයේ වැරැද්දක් ගැන හෝ ඔවුන්ගේ සාර්ථකත්වය හෑල්ලුවට ලක් කිරීමක් හෝ වේවා අපද අපගේ “ප්‍රතිවාදීන්ට” හානි කිරීමට බලන්නෙමු.

සාවුල්ව තම කර්තව්‍යය සඳහා දිව්‍යමය වශයෙන් තෝරා ගෙන තිබුණි (10:6-7; 24 පද). එය ඊර්ෂ්‍යයාවට වඩා ඔහු තුළ ආරක්‍ෂාව වැඩි කළ යුතුව තිබුණි. අප සෑම කෙනෙක්ටම විශේෂ කැඳවීම් ඇති බැවින් (එපිස 2:10) සමහර විට ඊර්ෂ්‍යාවෙන් මිදීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අන් අය සමග අපව සැසඳීමෙන් වැළකී සිටීමය. ඒ වෙනුවට අපි එකිනෙකාගේ සාර්ථකත්වය සමරමු.