එය ආරම්භ වූයේ මගේ උගුර කැසීමෙනි. ආහ්! මම හිතුවා. එම උගුරේ කැසීම ස්වාසනාලයේ ආසාදනයක ආරම්භය පමණි. ඉන්ෆ්ලුවෙන්සා කක්කල් කැස්ස බවට පත් විය. එසේය. කක්කල් කැස්ස පසුව නිව්මෝනියා තත්ත්වයට හැරුණි.

සති අටක් පුරා කැස්ස කැස්ස – එය කක්කල් කැස්ස කියා කියන්නේ හේතුවක් නැතුව නොවේ. එය මා නිහතමානී කළේය. මම මහලු යයි මම නොසිතමි. නමුත් ඒ දිසාවට මා ගමන් කරන බව සිතීම ආරම්භ කිරීමට තරම් මම වයස්ගතව සිටියෙමි. අපි වයස්ගත වන විට ඇති වන සෞඛ්‍ය ගැටලු ගැන විහිලු නමක් දේවස්ථානයේ සිටින මාගේ කුඩා කණ්ඩායමේ සාමාජිකයෙක්ට තිබේ. එනම් “ක්‍ෂය වීම” යනුයි. එහෙත් ක්‍රියාවෙහිදී අඩු වීම ගැන කිසිදු විහිලුවක් නොමැත.

2 කොරින්ති 4 හි පාවුල් තුමාද තමාගේම ආකාරයෙන් “ක්‍ෂය වීම” ගැන ලිවීය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම විඳ දරාගත් පීඩාවන් එම පරිච්ඡේදයේ විස්තර කෙරේ. ඔහුගේ මෙහෙවර ඉටු කිරීමේදී ඔහු විශාල වෙහෙසක් දැරීය. “පිටතින් අපි ක්‍ෂය වන්නෙමු” කියා ඔහු පිළිගන්නේය. නමුත් වයස, පීඩා සහ කටුක තත්ත්වයන් නිසා ඔහුගේ ශරීරය පසුබට වූවත් පාවුල් තුමා තම තිරසාර බලාපොරොන්තුව තදින් අල්ලා ගෙන සිටියේය. “අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය” (16 පදය). මෙම “සැහැල්ලු සහ තාවකාලික කරදර” අප වෙනුවෙන් ඇති “සදාකාල තේජස් භාරය”ට (17 පදය) කිසිසේත් සම කළ නොහැකිය.

මම අද රාත්‍රියේ මෙය ලියන විට පවා එම ක්‍ෂය වීම මාගේ පපුව අල්ලා ගෙන සිටී. එහෙත් මගේ ජීවිතයේ සහ ක්‍රිස්තුස්වහන්සේට ඇලී සිටින ඕනෑම කෙනෙක්ගේ ජීවිතවලට අවසාන වචනය ක්‍ෂය වීම නොවන බව මම දනිමි.