ජීවත්වන්නන් සඳහා නොමිළයේ අවමංගල්‍ය කටයුතු. දකුණු කොරියාවේ ආයතනයක් මගින් සපයන සේවාව එයයි. එය 2012 දී විවෘත කළ දින සිට 25,000 කට අධික පිරිසක් එනම් නව යොවුන් වියේ සිට විශ්‍රාමිකයන් දක්වා පිරිසක් ඔවුන්ගේ මරණ සළකා බැලිමෙන් ඔවුන්ගේ ජීවිත වැඩි දියුණු කර ගැනීමේ අපේක්‍ෂාවෙන් සමූහ වශයෙන් “ජීවන අවමංගල්‍යය” සේවාවන් සඳහා සහභාගී වී ඇත. නිලධාරීන් පවසන්නේ “අනුකරණය කරන ලද අවමංගල්‍යය උත්සව වලට සහභාගී වන්නන්ට ඔවුන්ගේ ජීවිත පිළිබඳ සත්‍යවාදී හැඟීමක් ලබා දීමටත් කෘතඥතාවය පළ කිරීමටත් පවුලේ අය සහ මිතුරන් අතර සමාව සහ නැවත සම්බන්ධ වීමටත් එය උපකාර වන බවයි.

දේශනාකාරයා පොත ලියු ගුරුවරයා දුන් ප්‍රඥාව මෙම වචනවලින් දෝංකාර දෙයි. “මරණය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ. ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත” (දේශනාකාරයා 7:2). මරණය අපට මතක් කර දෙන්නේ ජීවිතය කෙටි බවත් එය අපට ජීවත් වීමට සහ හොඳින් ප්‍රේම කිරීමටත් ටික කාලයක් පමණක් ඇති බවත්ය. එය මුදල්, සබඳතා සහ සතුට වැනි දෙවියන්වහන්සේගේ සමහර යහපත් දීමනා කෙරෙහි අපගේ ග්‍රහණය ලිහිල් කරන අතර ඒවා මෙහි භුක්ති විඳීමට අපව නිදහස් කරයි. එසේම දැන් අපි වස්තුව එක් රැස් කරද්දී “ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න. එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති. සොරු උමං කැන සොරා නොගනිති” යනුවෙන්ද සඳහන් වන්නේය (මතෙව් 6:20).

ඕනෑම වේලාවක මරණය සිදු විය හැකි බව අප දන්නා බැවින් සමහර විට එය අපගේ දෙමව්පියන් සමග කාලය ගත කිරීම කල් නොදැමීමත් දෙවියන්වහන්සේට සේවය කිරීමට අප ගත් තීරණය යම් ආකාරයකින් ප්‍රමාද කිරීමත් හෝ අපගේ රාජකාරිය නිසා අපගේ දරුවන් සමග ගත කරන්නට තිබෙන කාලය අතපසු කිරීමත් නොකළ යුතු බව අපට මතක් කර දෙන්නේය. දෙවියන්වහන්සේගේ උපකාරයෙන් අපට ඥානවන්තව ජීවත් වීමට ඉගෙන ගත හැකිය.