කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ලොව පුරා පැසැල් අත්හිටුවන ලදී. පන්ති පවත්වා ගෙන යාමට චීනයේ ගුරුවරුන් ප්‍රතිචාර දැක්වුයේ ඩිංග්ටෝක් නම් ඇප් එකක් මගින් පන්ති මාර්ගගතව පවත්වමිනි. එවිට ඔවුන්ගේ සිසුන් තේරුම් ගත්තේ ඩිංග්ටෝක් හි ශ්‍රේණිගත කිරීම ඉතා අඩු වුවහොත් එම යෙදුම වෙළඳ සැළෙන් ඉවත් කළ හැකි බවයි. එක් රැයකින් ඩිංග්ටෝක් යෙදුමට එක් තරුවකින් යුත් සමාලෝචන දහස් ගණනක් ලැබුණ හෙයින් ඩිංග්ටෝක් ඩිජිටල් යෙදුමට ඉතා අඩු ශ්‍රේණිගත කිරීමක් ලැබුණී.

ශිෂ්‍යයන් ඔවුන්ගේ වගකීම පැහැර හැරීම යේසුස්වහන්සේ කිසි සේත් අගය නොකරන නමුත් ඔවුන්ගේ දක්‍ෂතාවය උන්වහන්සේ අගය කරනු ඇත. රැකියාව අහිමිවූ කළමනාකරුවෙක් ඔහුගේ රැකියාවේ අවසාන දිනයේදී තම ස්වාමියාගේ ණය ගැතියන්ගේ බිල්පත් කප්පාදු කිරීමක් ගැන යේසුස්වහන්සේ අසාමාන්‍ය කථාවක් කී සේක. කළමනාකරුගේ වංකකමට යේසුස්වහන්සේ ප්‍රශංසා කළේ නැත. ඒ වෙනුවට උන්වහන්සේ ඔහුගේ දක්‍ෂතාවය පැසසුමට ලක් කළ අතර උන්වහන්සේගේ අනුගාමිකන්ද ඒ හා සාමනව බුද්ධිමත් වනු ඇතැයි කියාද පැසසුම් කළ සේක. “මමත් නුඹලාට කියමි. අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයා ගන්න. එවිට එය පහව යන කල ඔව්හු නුඹලා සදාකාල කුඩාරම්වල පිළිගන්නවා ඇත” (ලූක් 16:9).

මුදල් සම්බන්ධයෙන් ගත් කල බොහෝ අය තමන්ට කොපමණ මුදලක් අහිමි විය හැකිදැයි සොයති. නුවණැත්තෝ ඔවුන්ට පාවිච්චියට ගන්න පුළුවන් දේ සොයති. යේසුස්වහන්සේ පැවසුවේ අන් අයට දීම තුළින් රැකවරණය සහ නම්මා ගත හැකි “මිතුරන් දිනා ගන්න” හැකි බවයි. ඕනෑම කණ්ඩායමක නායකයා කවුද? ගෙවන තැනැත්තාය. දීමෙන් “සදාකාලික වාසස්ථානය”ද ලැබෙනු ඇත. මක්නිසාද අපගේ මුදල් වලින් බැහැර වීමෙන් පෙන්වන්නේ යේසුස්වහන්සේ තුළ ඇති අපගේ විශ්වාසයයි.

අපට මුදල් නොමැති වුවද අපට කාලය, කුසලතා හෝ සවන් දෙන කන් ඇත. යේසුස්වහන්සේ වෙනුවෙන් අන් අයට නිර්මාණශීලීව සේවය කරන්නේ කෙසේදැයි අපට පෙන්වන ලෙසට අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.