“මම කම්මැලි දේවල් වලට කැමතියි” යන බ්ලොග් අඩවියේ නිර්මාතෘ ජේම්ස් වෝඞ් විසින් “කම්මැලි සමුළුව” නමින් සමුළුවක් 2010 දී දියත් කළේය. එය ඒකාකාරී, සාමාන්‍ය හා නොසළකා හරින ලද එක් දින සැමරුමකි. අතීතයේදී කිවිසුම් යාම, විකුණුම් යන්ත්‍ර නිපදවන ශබ්දය සහ 1999 තීන්ත මුද්‍රණ යන්ත්‍ර වැනි අර්ථ විරහිත මාතෘකා ගැන කථිකයින් කථා පැවැත්වීය. මාතෘකා නීරස විය හැකි නමුත් කථිකයන්ට උදාසීන විෂයක් ගෙන එය සිත් ගන්නා සුළු අර්ථවත් සහ ප්‍රීතිමත් දෙයක් කළ හැකි බව වෝඞ් දැන සිටියේය.

අවුරුදු දස දහස් ගණනකට පෙර රජවරුන් අතරේ ප්‍රඥාවන්තයාවූ සාලමොන් රජු අර්ථ විරහිත හා උදාසීන දේවල් තුළින් ප්‍රීතිය සෙවීමට ඔහුගේම පරීක්‍ෂණයක් ආරම්භ කළේය. ඔහු වැඩ ලුහු බැඳ ගියේය. බැටළු රැළවල් මිළදී ගත්තේය. ධනය ගොඩ නගා ගත්තේය. ගායකයන් අත්පත් කර ගත්තේය. ගොඩනැගිලි ඉදි කළේය (දේශනාකාරයා 2:4-9). මෙම ලුහු බැඳීම් සමහරක් ගෞරවනීය වු අතර සමහර ඒවා එසේ නොවීය. අවසානයේදී අර්ථය ලුහු බැඳීමේදී රජුට කම්මැලිකම හැර වෙන කිසිවක් සොයා ගත නොහැකි වුනි (11 පදය). දෙවියන්වහන්සේ ඇුතුළත් කර ගැනීමේ මානුෂීය අත්දැකීම්වල සීමාවෙන් ඔබ්බට නොගොස් සාලමොන් ලෝක දෘෂ්ටියක් පවත්වා ගෙන ගියේය. කෙසේ වෙතත් ඔහු අවසානයේදී තේරුම් ගත්තේ උදාසිීන දේවල් වලින් තමාට ප්‍රීතියක් ලැබෙන්නේ දෙවිියන්වහන්සේව සිහිපත් කර උන්වහන්සේට නමස්කාර කරන විට පමණක් බවයි (දේශනාකාරයා 12:1-7).

අපි ජීවිතයේ “සුළි සුළඟට” හසු වූ විට දෛනික උදාසීන කාර්යයන් අර්ථවත් කරවන “අපගේ මැවුම්කරුවාණෝ සිහිපත් කරමු” (1 පදය). අපි උන්වහන්සේව සිහිපත් කර නමස්කාර කරන විට සාමාන්‍ය දේවල්වල පුදුමයට පත් කරවන දේවල් වලටත් උදාසීන දේවල් වලට කෘතඥතාවයත් ජීවිතයේ අර්ථ විරහිත දේවලට ප්‍රීතියත් අපට දැක ගත හැකි වන්නේය.