1941 දී හිට්ලර්ගේ පාලනය යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී යුද ප්‍රයත්නයට සහාය වන ලෙසට නවකථා කරුවෙක් වන ජෝන් ස්ටේන්බෙක්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ මුල් පෙළ භට පිරිස් සමග සටන් කිරීමට හෝ ඔවුන්ව හමුවීමට හෝ නොවේ. ඒ වෙනුවට කථාවක් ලිවීමට ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලය වූයේ දුෂ්ඨ ආධිපත්‍යයක් විසින් ආක්‍රමණය කරන ලද සාමකාමී දේශයක් පිළබඳ “ද මූන් ඊස් ඩවුන්” (සඳ එළිය අඩු වී තිබේ) යන නවකථාව බිහිවීමයි. රහසිගත මුද්‍රණාලවල මුද්‍රණය කර ගත් ආක්‍රමණය කර ගත් රටවල් පුරා රහසිගතව බෙදා හරින ලද නවකථාව තුළින් පණිවුඩයක් යැවුණි. මිත්‍ර පාක්‍ෂිකයන් පැමිණෙමින් සිටි අතර නවකථාවේ චරිත අනුකරණය කිරීමෙන් පාඨකයන්ට ඔවුන්ගේ නිදහස සුරක්‍ෂිත කර ගත හැකි වුනි. “ද මූන් ඊස් ඩවුන්” හරහා ස්ටේන්බෙක් විසින් නාට්සි පාලනය යටතේ සිටින මිනිසුන්ට යහපත් ආරංචියක් ගෙනාවේය. ඒ නම් ඔවුන්ගේ විමුක්තිය ළඟා වන බවයි.

ස්ටේන්බෙක්ගේ කථාවේ මෙන් පළමු සියවසේ යුදෙව්වන්ද කුරිරු රෝම පාලනය යටතේ සිටි ජනතාවක් වුනි. නමුත් සියවස් ගණනාවකට පෙර දෙවියන්වහන්සේ ඔවුන්ව නිදහස් කර ලෝකයට සාමය ගෙන ඒමට මිත්‍ර පාක්‍ෂිකයෙක් එවන බවට පොරොන්දු වූ සේක (යෙසායා 11). එම මිත්‍ර පාක්‍ෂිකයා පැමිණි විට ප්‍රීතිය උතුරා ගියේය. පාවුල් පැවසුවේ “එබැවින් දෙවියන්වහන්සේ පියවරුන්ට දුන් පොරොන්දුව යේසුස්වහන්සේව නැගිටු වීමෙන් අපේ දරුවන්ට සම්පූර්ණයෙන් ඉෂ්ට කළ සේකැයි යන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමුව” (ක්‍රියා 13:32-33) යනුවෙනි. යේසුස්වහන්සේගේ උත්ථානය සහ සමාව දීම තුළින් ලෝකයේ ප්‍රතිෂ්ඨාපණය ආරම්භ වුනි (38-39 පද; රෝම 8:21).

එතැන් සිට මෙම කථාව ලොව පුරා පැතිර ඇති අතර එය වැළඳගත් ඕනෑම තැනකට සාමය සහ නිදහස ගෙන එන්නේය. යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටුවා ඇත. පාපය සහ නපුරෙන් අපගේ විමුක්තිය ආරම්භ වී ඇත. උන්වහන්සේ තුළ අපි නිදහස් වන්නෙමු.