1960 දශකයේ මුල් භාගයේදී එක්සත් ජනපදය දීප්තිමත් අනාගතයක් පිළිබඳ අපේක්‍ෂාවෙන් පිරී තිබුණි. තරුණ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා නව දේශ සීමා, සාම බලකාය සහ සඳ වෙත ළඟා වීමේ කාර්්‍යයන් හඳුන්වා දුන්නේය. ශක්තිමත් වන ආර්ථිකයක් බොහෝ ජනතාවට “හොඳ කාලයක් උදාවේය” යන බලාපොරොත්තුව ඇති කළේය. පසුව වියට්නාම් යුද්ධය උත්සන්න විය. ජාතික නොසන්සුන්තාවයක් ඇති වුනි. කෙනඩිව ඝාතනය කෙරුණි. කලින් සුභවාදී සමාජයේ පිළිගත් සම්මතයන් බිඳ වැටුණි. සුභවාදී ආකල්ප ප්‍රමාණවත් නොවූ අතර ඒ ගැන බලාපොරොත්තු සුන්වීම පැවතුණි.

ඉන්පසුව 1967 දී දේවධර්මාචාර්ය ජර්ගන් මෝල්ට්මාන් ගේ “බලාපොරොත්තුවේ දේව ධර්ම” පැහැදිලි දැක්මක් පෙන්වා දුන්නේය. මෙම මාවත සුභවාදී මාවතක් නොව බලාපොරොත්තුවේ මාවතක් වුනි. මේ දෙකම එකම දෙයක් නොවේ. සුභවාදී බව මේ මොහොතේ තත්ත්වයන් මත පදනම් වූවක් බවත් අපගේ තත්ත්වය කුමක් වූවත් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මත බලාපොරොත්තුව මුල් බැස ඇති බවත් මෝල්ට්මන් තහවුරු කළේය.

මෙම බලාපොරොත්තුවේ මූලාශ්‍රය කුමක්ද? පේත්‍රැස් මෙසේ ලිව්ය : “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොට ගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළ සේක” (1 පේත්‍රැස් 1:3; 5). අපගේ විශ්වාසවන්ත දෙවියන්වහන්සේ සිය පුත්‍රයා වන යේසුස් වහන්සේ මගින් මරණය පරාජය කළ සේක. මෙම විශිෂ්ඨතම ජයග්‍රහණ වල යතාර්ථය හුදු සුභවාදී බලාපොරොත්තු වලින් ඔබ්බට සෑම දිනකම සහ සෑම තත්ත්වයකදීම ශක්තිමත් ප්‍රබල බලාපොරොත්තුවක් කරා අපව ඔසවන්නේය.