“ඔබේ ප්‍රියතම දෙපාර්තමේන්තුවේ ප්‍රමාණය අඩු කිරීමට මට අවශ්‍ය වීම ගැන ඔබ තවමත් දුක් වෙනවාද?” කියා එව්ලින්ගේ කළමනාකරු ඇයගෙන් ඇසීය. “නැහැ” ඇය තම හකු තද කර ගත්තාය. ඔහු ඒ ගැන ඇයට උසුළු විසුළු කරන බවක් පෙනෙන්නට තිබීම නිසා ඇය වඩාත් කලකිරීමට පත් වූවාය. විවිධ උනන්දුවක් දක්වන කණ්ඩායම් තම සමාගමට ඇද ගැනීමට ක්‍රම සොයමින් සමාගමට උදව් කිරීමට ඇය උත්සාහ කළ නමුත් සීමිත ඉඩ නිසා එය කළ නොහැකි වුනි. එව්ලින් කඳුළු නොසැළීමට උත්සාහ කළ අතර ඇගේ කළමනාකරු ඉල්ලා සිටින ඕනෑම දෙයක් කිරීමට තීරණය කර ගත්තාය. සමහර විට ඇය බලාපොරොත්තු වූ වෙනස්කම් ගෙන ඒමට ඇයට නොහැකි වූවත් ඇයට තවමත් ඇගේ රාජකාරිය ඇයට හැකි උපරිමයෙන් කළ හැකිය.

පේත්‍රැස්ගේ පළමු ලිපියේ ඔහු පළමු ශතවර්ෂයේ යේසුස්වහන්සේගේ ඇදලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ
“සෑම මිනිස් අධිකාරියකටම” යටත් වන ලෙසයි (1 පේත්‍රැස් 2:13). දුෂ්කර සේවා තත්ත්වයක් තුළ අවංක ගුණ පවත්වා ගැනීම පහසු නැත. නුමුත් දිගටම යහපත කිරීමට පේත්‍රැස් අපට හේතුවක් ලබා දෙයි : “ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක විභාග කිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබින ලෙස පවත්වන්න” (12 පදය). මීට අමතරව, මෙය බලා සිටින අනෙකුත් ඇදහිලිවන්තයන්ට දේවභක්තික ආදර්ශයක් තැබීමට අපට උපකාර කරයි.

රැකියා කරන ස්ථානයේ සැබවින්ම අප නපුරු තත්ත්වයන් වලට මුහුණ දෙනවා නම්, හැකි සෑම විටම ඉවත්ව යාම වඩාත් සුදුසුය (1 කොරින්ති 7:21). නමුත් ආරක්‍ෂිත පරිසරයක් තුළ ආත්මයාණන් වහන්සේගේ උපකාරය ඇතුව “දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය” (1 පේත්‍රැස් 2:20) යන්න සිහිපත් කර ගෙන අපගේ රාජකාරියේ දිගටම යහපත කිරීමට අපට හැකිය. අපි අධිකාරියට යටත් වන විට දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට සහ මහිමයට පත් කිරීමට අන් අයට හේතු දැක්වීමට අපට අවස්ථාවක් තිබේ.