වික්ටර් ටිකෙන් ටික අසභ්‍ය දර්ශනවලට ඇබ්බැහි වුනි. ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් අසභ්‍ය දර්ශන නැරඹූ අතර ඔහුද එයට ගොදුරු වුනි. නමුත් එය කෙතරම් වැරදිද කියා දැන් ඔහුට වැටහේ. ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළේය. එය ඔහුගේ බිරිඳගේ සිත තළා දැමුවේය. නැවත කිසි දිනෙක ඒ දෙස නොබලන බවට ඔහුගේ ජීවිතයට ආරක්‍ෂාවක් තැබීමට ඔහු පොරොන්දු විය. නමුත් එය ප්‍රමාද වැඩිය කියා ඔහුට බියක් දැණුනි. ඔහුගේ විවාහය ආරක්‍ෂා වෙයිද? ඔහු කවදා හෝ නිදහස් වී ඔහුට සම්පූර්ණ සමාව ලැබේවිද?

අපගේ සතුරා වන යක්‍ෂයා පරීක්‍ෂාව ඉදිරිපත් කරන්නේ එය ලොකු දෙයක් නොවන බව හඟවමිනි. සෑම කෙනෙක්ම එය කරනවා. කුමන හානියක්ද? නමුත් අපි ඔහුගේ යෝජනාවට හසුවු මොහොතේම ඌ ගියරය මාරු කරන්නේය. එවිට ප්‍රමාද වැඩිය. ඔබ බොහෝ දුර ගොසිනි. ඔබ දැන් බලාපොරොත්තු රහිතය.

අප ආත්මික යුද්ධයක යෙදෙන විට සතුරා අපව විනාශ කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් පවසනු ඇත. යේසුස් වහන්සේ මෙසේ වදාළ සේක : “ඔහු පටන් ගැන්මේ සිට මිනීමරන්නෙක්ය. ඔහු තුළ සැබෑ කම නොමැති හෙයින් ඔහු සැබෑකමෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරු කාරයෙක්ය. බොරුවේ පියාය” (යොහන් 8:44).

යක්‍ෂයා බොරුකාරයෙක් නම් අපි කිසි විටෙකත් ඔහුට ඇහුම්කන නොදිය යුතුය. විශේෂයෙන් අපගේ පාපය ලොකු දෙයක් නොවේය කියාත් සහ අපි බලාපොරොත්තුවලින් ඔබ්බට ඉන්නවා කියාත් යක්‍ෂයා කියන විටදීය. යේසුස්වහන්සේ නපුරාගේ වචන බැහැර කර ඒ වෙනුවට උන්වහන්සේට සවන් දීමට අපට උපකාර කරන සේක්වා. උන්වහන්සේගේ පොරොන්දුව මත අපගේ හදවත් රඳවා තබමු : “නුඹලා මාගේ වචනයෙහි පවතිනවා නම් සැබෑවට නුඹලා මාගේ ගෝලයෝය. නුඹලා සැබෑව දැන ගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේය” (31-32 පද).