මම විවාහ ගිවිස ගැනීමේ මුදු සඳහා සාප්පු ගිය විට හරියටම නිවැරදි දියමන්තිය සොයමින් පැය ගණනාවක් ගත කළෙමි. “මට හොඳම එක මග හැරුණොත් මක් වේවිද” යන සිතුවිල්ලෙන් මම පීඩා වින්දෙමි.

ආර්ථික විද්‍යාඥ බැරි සුවාර්ට්ස්ට අනුව මාගේ නිදන්ගත අවිනිශ්චිත භාවයෙන් පෙන්නුම් කරන්නේ “සෑහීමකට පත්වන්නෙකු” වෙනවාට ප්‍රතිවිරුද්ධව “උපරිමයෙන් කරන්නෙකු” ලෙසය. තෘප්තිමත් වන්නෙක් තේරීම් කරන්නේ සමහර දේවල් ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත්ද යන මතය අනුවය. “උපරිමයෙන් කරන්නෙක්”. සෑම විටම හොඳම තේරීම කිරීමට ඔවුන්ට අවශය වන්නේය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන් වැරදි කරුවෙකුගේ සිතුවිලි වලින් පෙළෙති. බොහෝ තේරීම් හමුවේ අපගේ අවිනිශ්චිතභාවයේ විභව ප්‍රතිඵලය වන්නේ සාංකාව, මානසික අවපීඩනය සහ අසහනයයි. ඇත්ත වශයෙන්ම සමාජ විද්‍යාඥයින් මෙම තත්ත්වය වෙනත් වචන වලින් පැහැදිළි කරති : එනම් මග හැරේවිය යන බිය යනුවෙනි.

අපට දේව වචනයේ “උපරිමයෙන් කරන්නෙක්” හෝ “සෑහීමකට පත් වන්නෙක්” හෝ යන වචන සොයා ගත නොහැක. නමුත් ඒ හා සමාන අදහසක් අපට සොයා ගත හැකිය. 1 තිමෝති පොතේ පාවුල් තිමෝතියස්ට අභියෝග කළේ මේ ලෝකයේ දේවල් වලට වඩා දෙවියන්වහන්සේ තුළ වටිනාකමක් සොයා ගන්නා ලෙසයි. ඉෂ්ඨ වේය යන ලෝකයේ පොරොන්දු කිසිදා සම්පූර්ණ නොවන්නේය. පාවුල්ට අවශ්‍ය වූයේ තිමෝතියස් තමාගේ අනන්‍යතාවය දෙවියන්වහන්සේ තුළ මුල් බැස ගන්නවාටය. “ලත් පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය” (6:6). “තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටු වන්නෙමු” (8 පදය) යනුවෙන් පාවුල් මෙම වචන එකතු කරද්දී ඔහු සෑහීමකට පත් වන්නෙකු ලෙස පෙනේ.

ලෝකය අපව තෘප්තිමත් කිරීමට පොරොන්දු වන අසංඛ්‍යාත ක්‍රම පිළිබඳව මම සිතන විට මම සාමාන්‍යයෙන් නොසන්සුන් සහ අතෘප්තිකර තත්ත්වයකට පත් වන්නෙමි. නමුත් මම දෙවියන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට සහ “උපරිමයෙන් කරන්නෙක්” වීමට ඇති මගේ දැඩි ආශාව අත් හරින විට මගේ ආත්මය සැබෑ තෘප්තිය සහ විවේකය කරා ගමන් කරයි.