“මාගේ හිතවත් මිත්‍රය, සමහර වෙලාවට ඔබ ඇත්තටම ඉන්නවාට වඩා කථා කරද්දී ශුද්ධ බවක් පෙන්නුම් කරනවා”.

ඒ වදන් සෘජු බැල්මකින් සහ මෘදු සිනහවකින් සංනිවේදනය විය. මා අගය කළ සමීප මිතුරෙක්ගෙන් හෝ උපදේශකයෙක්ගෙන් මෙවැනි වචන අසන්නේ නැතුව වෙනත් කෙනෙකුගෙන් මට අසන්න සිදු වූවා නම් එය මගේ හැඟීම් රිදෙන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඔහුගේ වදන් මා ලැජ්ජාවට පත් කළත් ඔහු නිවැරදි බව දැන ගෙන මම සිනහසුණෙමි. සමහර අවස්ථාවලදී මම මගේ ඇදහිල්ල ගැන කථා කරන විට ස්වාභාවික නොවන වචන මා භාවිතා කළ හෙයින් මම අවංක නොවන බවට හැඟීමක් ඇති කළේය. මගේ මිතුරා මට ප්‍රේම කළ අතර මා විශ්වාස කළ දේ අන් අය සමග අවංකව බෙදා ගැනීමේදී වඩා ඵලදායී වීමට මට උපකාර කිරීමට උත්සාහ කළේය. ආපසු හැරී බලන විට එය මට ලැබුණු හොඳම උපදෙස් කිහිපයක් ලෙස මම දකිමි.

“මිත්‍රයෙකු විසින් කරන ලද තුවාල විශ්වාසකමින් වේ” කියා සාලමොන් ඥානවන්තව ලිවීය. “එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ” (හිතෝපදේශ 27:6). මගේ මිතුරාට මා ගැන තිබූ නිවැරදි දැක්ම එම උපදෙසෙහි සත්‍යතාව පෙන්නුම් කළේය. එය පිළිගැනීමට පහසු නොවන බව ඔහු දැන සිටියත් මා විසින් ඇසිය යුතුම දෙයක් මට පැවසීමට තරම් ඔහු සැළකිල්ලක් දැක්වීම ගැන මම කෘතඥ වෙමි. සමහර විට යමෙකු ඔබට ඇසීමට අවශ්‍ය යැයි සිතන දේ පමණක් පවසන විට එය ප්‍රයෝජනවත් නොවන්නේ ඔබව අත්‍යවශ්‍ය ආකාරයෙන් වැඩීමෙන් සහ වර්ධනය වීමෙන් වළක්වා ගන්නා හෙයිනි.

නිහතමානී ආදරය මනින විට අවංකකම කරුණාවන්ත විය හැකිය. එය ලබා ගැනීමට සහ එය හොඳින් ලබා දීමට දෙවියන්වහන්සේ අපට ප්‍රඥාව ලබා දෙන සේක්වා. ඒ මගින් උන්වහන්සේගේ සැළකිලිමත් හදවත පිළිබිඹු වේවා.