අන්තිමේදී දවස පැමිණියා, එනම්, මගේ පියා අවදානමට ලක් නොවන කෙනෙක් නොවන බව මට තේරුණ දවස. ළමා කාලයේදී මම ඔහුගේ ශක්තිය හා අධිෂ්ඨානය දැන සිටියෙමි. නමුත් මගේ මුල් වැඩිහිටි වියේදී, ඔහු, ඔහුගේ පිට තුවාල කරගත් අතර, මගේ පියා නොමැරෙන කෙනෙක් නොවන බව මට වැටහුණි. මම මගේ දෙමාපියන් සමඟ නැවතී සිටියේ මගේ පියාට නාන කාමරයට යාමට උදව් කිරීමට, ඔහුට ඇඳුම් ඇඳීමට සහය වීමට, ඔහුගේ මුඛයට වතුර වීදුරුවක් පවා යොමු කිරීමටයි. මා විසින් කරන ලද මෙම යහපත් ක්‍රියා ඔහු නිහතමානී වීමට කාරණාවක් විය. ඔහු කුඩා කාර්යයන් ඉටු කිරීමට මූලික උත්සාහයන් කිහිපයක් ගත් නමුත්, “ඔබගේ උදව් නොමැතිව මට කිසිවක් කළ නොහැක” යනුවෙන් පිළිගත්තේය. අවසානයේ ඔහු ශක්තිමත් වී යථා තත්ත්වයට පත් වූ නමුත් එම අත්දැකීම අප දෙදෙනාටම වැදගත් පාඩමක් ඉගැන්වීය. අපට එකිනෙකා අවශ්‍ය විය.

අපට එකිනෙකා අවශ්‍ය වන අතරම, අපට යේසුස්වහන්සේ ඊටත් වඩා අවශ්‍ය වේ. යොහන් 15 හි, මිදි වැල සහ අතු පිළිබඳ රූපය අපි දිගටම ඇලී සිටින එකක් වන්නේය. එහෙත් තවත් එක් වාක්‍ය ඛණ්ඩයක් සැනසිලිදායක අතරම අපගේ ආත්ම විශ්වාසයට ද පහර දිය හැකිය. අපගේ සිත් තුළට පහසුවෙන්ම ඇතුල් විය හැකි සිතිවිල්ල වන්නේ “මට උදව්වක් අවශ්‍ය නැත” යන්නයි. යේසුස්වහන්සේ මෙසේ පැහැදිලි කළ සේක. එනම්, “මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය.” යන්නයි (5 පදය). ක්‍රිස්තුස්වහන්සේ මෙහිදී කතා කරන්නේ “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය” (ගලාති 5 22) වැනි ඵල දැරීම ගැනයි. මේවා ගෝලයෙකුගේ මූලික ලක්ෂණ වේ. ඵල දැරීම යනු යේසුස්වහන්සේ අපව කැඳවන ජීවිතයයි. එසේම උන්වහන්සේ කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය තැබීමෙන් ඵලදායි ජීවිතයක් එනම්, පියාණන්ගේ මහිමය සඳහා ගත කරන ජීවිතයක් වීමයි (යොහන් 15:8).