මට ඇය සමඟ පෞද්ගලිකව කතා කළ හැකිද කියා නායකයෙකු මගෙන් අසන විට, කැරන් නමැති කාන්තාව උපවාස හෝ ඥානකාන්ති මධ්‍යස්ථානයේ උපදේශන කාමරයේ, දෑස් රතුවී කම්මුල් තෙත්වී හඬමින් සිටි බව මම දුටුවෙමි. හතළිස් දෙහැවිරිදි, කැරන් විවාහ වීමට ආශාවෙන් සිටි අතර, මේ වන විට කෙනෙක් ඇය කෙරෙහි උනන්දුවක් දක්වමින් සිටින බව දැන ගතිමි. නමුත් මේ තැනැත්තා ඇගේ කාර්යාලයේ ප්‍රධානියා වූ අතර ඔහුට දැනටමත් බිරිඳක් සිටියේය.

ඇයට කුරිරු ලෙස සමච්චල් කළ සහෝදරයෙකු සහ සෙනෙහසක් නොමැති පියෙකු නිසා කැරන් පිරිමින්ගේ ‘ළංවීමට‘ ඇය ගොදුරු වන බව කලින්ම සොයා ගෙන සිටියාය. ඇදහිල්ල අලුත් කිරීමෙන් ඇයට ජීවත් වීමට නව සීමා මායිම් ලබා දී තිබූ නමුත් ඇගේ ආශාව නැති වුනේ නැත. එසේම, ඇයට ලබා ගත නොහැකි වූ ආදරය වධයක් විය.

කතා කිරීමෙන් අනතුරුව මම සහ කැරන් හිස් නවාගෙන යාච්ඤා කළෙමු. ඉතා සංවේදිමත් සහ බලවත් යාච්ඤාවකින් පසුව, කැරන් ඇගේ පරීක්ෂාව පාපොච්චාරණය කර, තම ප්‍රධානියා සීමාවෙන් තොර බව ප්‍රකාශ කර, ඇගේ විවාහ වීමේ ආශාව දෙවියන්වහන්සේට භාර දී කාමරයෙන් පිටව ගියේ සැහැල්ලු බවක් ඇතුවයි.

ඇදහිල්ල තුළ, එකිනෙකාට සහෝදර සහෝදරියන් ලෙස සලකන ලෙස පාවුල් දුන් උපදෙසෙහි දීප්තිමත් බව එදින මට වැටහුණි (1 තිමෝති 5:2). අප මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කරන්නේ කෙසේද යන්න තීරණය වන්නේ අප මිනිසුන්ව දකින ආකාරයටයි. ඉක්මණින් බලාපොරොත්තු ඇති කරවන සහ ලිංගිකත්වයට පත්වන ලෝකයක, විරුද්ධ ලිංගයේ අයව පවුලක් ලෙස බැලීම හේතුකොට ගෙන අපට ඔවුන්ට සැළකිල්ලෙන් සහ යෝග්‍යතාවයෙන් සැළකීමට උපකාරී වේ. නිරෝගී සහෝදර සහෝදරියන් එකිනෙකාව අපයෝජනය කරන්නේ හෝ දූෂණය කරන්නේ නැත.

ඇයව පහත් කරන, භාවිතා කරන හෝ නොසලකා හරින හෝ දන්නා පිරිමින් පමණක් දැන සිටි නිසා, කැරන්ට සහෝදරියකට සහෝදරයෙක් ලෙසින් කතා කළ හැකි කෙනෙකු අවශ්‍ය විය. ශුභාරංචියේ ඇති අලංකාරය නම් අප ජීවිතයේ ගැටලුවලට මුහුණ දීමටත් අපට උපකාර කිරීමටත් නව සහෝදර සහෝදරියන් ලබා දීමයි.