එය 1854 වූ අතර, ලන්ඩන් නුවරේ යම් දෙයක් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. එය නරක වාතාශ්‍රය විය යුතුයැයි, මනුෂ්‍යයන් සිතූහ. ඇත්ත වශයෙන්ම, අපද්‍රව්‍යවලින් අපිරිසිදු වූ තේම්ස් නදියට නුසුදුසු උණුසුම නිසා, එහි දුගඳ කොතරම් නරක් වීද යත් එය “මහා දුර්ගන්ධය” ලෙස හඳුන්වනු ලැබීය.

නමුත් නරකම ගැටලුව වූයේ වාතය නොවේ. ආචාර්ය ජෝන් ස්නෝ විසින් පර්යේෂණය තුළින් කොලරාව වසංගතයට හේතුව වූයේ අපිරිසිදු ජලය බව පෙන්වන ලදී.

ඉහළ අහස දක්වාම දුර්ගන්ධය පතුරුවන තවත් අර්බුදයක් ගැන මනුෂ්‍යයන් වන අපි බොහෝ කලක සිට දැන සිටියෙමු. අපි ජීවත් වන්නේ බිඳුණු ලෝකයකය, එම නිසා මෙම ගැටලුවේ මූලාශ්‍රය වැරදි ලෙස හඳුනා ගැනීම මෙයට හේතු සාධක වන අතර මූලාශ්‍රය වෙනුවට එහි අතුරු ඵල සඳහා ප්‍රතිකාර කරනු ලබයි. ප්‍රඥාවන්ත සමාජ වැඩසටහන් සහ ප්‍රතිපත්ති යම් යහපතක් සිදු කරයි, නමුත් එහි බලයෙන් අපගේ පව්කාර හදවත් නිසා ඇතිවී තිබෙන සමාජ ව්‍යාකූලත්වයේ මුල් හේතුව නැවැත්වීමට නුපුළුවන!

“පිටතින් මනුෂ්‍යයා තුළට වැද ඔහු අපවිත්‍ර කරන්ට පුළුවන් වූ කිසි දෙයක් නැත” කියා යේසුස්වහන්සේ පැවසු දෙයින් පෙන්වන්නේ අප ශරීරය තුළට ඇතුල් විය හැකි ශාරීරික රෝග ගැන නොවෙයි (මාර්ක් 7:15). ඒ වෙනුවට, උන්වහන්සේ අප සෑම කෙනෙකුගේම අධ්‍යාත්මික තත්ත්වය හඳුනා ගනිමින් සිටිසේක. “මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ ඔහු තුළින් නික්මෙන දේවලින්” කියා පැවසූ අතර (16 පදය ), අප තුළ සැඟවී ඇති නපුරු දේ ලැයිස්තුගත කළ සේක (21-22 පදය).

“බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය” කියා දාවිත් කීවේය (ගීතාවලිය 51:5). ඔහුගේ විලාපය, අප සැමට හඬ නැගිය හැකි එකකි. අපි මුල සිටම කැඩුණු අය වෙමු. එය නිසා තමයි දාවිත් “දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව” (10 පදය) කියා යාච්ඤා කළේ. යේසුස්වහන්සේ විසින් උන්වහන්සේගේ ආත්මය තුළින් නිර්මාණය කරන ලද නව හදවත සෑම දිනකම අපට අවශ්‍ය වේ.

රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරනවා වෙනුවට අපි යේසුස්වහන්සේට මූලාශ්‍රය පවිත්‍ර කිරීමට ඉඩ දෙමු.