දශක තුනකට පසු, ෆෙං ලුලු, ඇගේ උපන් පවුල සමඟ නැවත එක් විය. කුඩා දරුවෙකු ලෙස ඇය නිවසින් පිටත සෙල්ලම් කරමින් සිටියදී ඇයව පැහැර ගැනීමකට ලක්වූ නමුත් සමස්ථ චීන කාන්තා සම්මේලනයේ සහාය ඇතුව ඇයව සොයා ගන්නා ලදී. ඇයව පැහැරගෙන යන විට ඇය ඉතා කුඩා දරුවෙකු වූ නිසා, ෆෙං ලුලු ට එය මතක නැත. ඇගේ දෙමාපියන්ට ඇයව තබා ගැනීමට මුදල් නොතිබූ නිසා ඇයව විකුණා ඇති බවට විශ්වාස කරමින් ඇය හැදී වැඩුණි, එබැවින් සත්‍යය ඉගෙනීම සඳහා බොහෝ ප්‍රශ්න සහ හැඟීම් මතු විය.

යෝසෙප් ඔහුගේ සහෝදරයන් සමඟ නැවත එක් වූ විට, ඔහු සංකීර්ණ හැඟීම් කිහිපයක් අත්විඳින්නට ඇති බව පෙණුනි. ඔහු තරුණ වියේදී ඔහුගේ සහෝදරයන් විසින් ඊජිප්තුවේ වහල්භාවයට ඔහුව විකුණන ලදී. වේදනාකාරී හැරීම් මාලාවක් තිබියදීත්, දෙවියන්වහන්සේ යෝසෙප්ව අධිකාරී තනතුරකට එසවූ සේක. ඔහුගේ සහෝදරයන් සාගතයකදී ආහාර මිල දී ගැනීමට ඊජිප්තුවට පැමිණි විට, ඔවුන් නොදැනුවත්වම එය ඔහුගෙන් ඉල්ලා සිටියෝය.

දෙවියන්වහන්සේ ඔවුන්ගේ වැරදිවලින් ඔවුන්ව මුදවා ගත් බව යෝසෙප් පිළිගත් අතර උන්වහන්සේ එය භාවිතා කළේ “මහත් වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂා කරන පිණිස” යයි පැවසුවේය (උත්පත්ති 45:7). එහෙත්, යෝසෙප්, ඔහු කෙරෙහි ඔවුන්ගේ හානිකර ක්‍රියා නැවත නිර්වචනය කළේ නැත – ඔහු ඒවා නිවැරදිව විස්තර කළේ “මා වික්ක නිසා” ලෙසටයි (5 පදය).

චිත්තවේගීය අරගලය නොපිළිගෙන දෙවියන්වහන්සේ ඒවා වලින් ගෙන එන යහපත් දේ කෙරෙහි අවධානය යොමු කරමින් දුෂ්කර අවස්ථාවන් කෙරෙහි ඕනෑවට වඩා ධනාත්මකව හැරීමට අපි සමහර විට උත්සාහ කරමු. දෙවියන්වහන්සේ වරදකින් මුදවා ගත් පමණින් එම වරද යහපත් යැයි නැවත නිර්වචනය නොකිරීමට වගබලා ගනිමු: වැරදි ක්‍රියාවන් හේතුකොට ගෙන වේදනාව ඇතිවන බව පිළිගෙන එයින් යහපත ගෙන දෙන ලෙස අපට දෙවියන්වහන්සේ දෙස බැලිය හැකිය. මේ දෙකම සත්‍යය.