1917 දී කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාපාරිකයෙකු වූ ෆ්‍රෙඩ්රික් ලීමන් මූල්‍යමය පසුබෑමකින් පීඩා විඳිමින් “දෙවියන්වහන්සේගේ ප්‍රේමය” ගීතයට පද රචනා කළේය. ඔහුගේ ක්ෂණික නිර්මාණාත්මක සිතුවිල්ල නිසා, ඔහු ඉක්මනින් පළමු පද මාලා දෙක ලිවීමට යොමු වූ නමුත් ඔහුට තුන්වන පද මාලාව ලිවීමට අපහසු විය. වසර ගණනාවකට පෙර සිරගෙදර බිත්තිවල ලියා තිබූ කවියක් ඔහු සිහිපත් කළේය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ප්‍රකාශ කරමින් සිරකරුවෙකු විසින් මෙම කවිය සිර ගෙදර බිත්තියක කොටා තිබුණේය. කවිය ලීමන්ගේ ගීතිකාව හා සමාන එකක් විය. ඔහු එය තමන්ගේ ගීතිකාවේ තුන්වන පදය බවට පත් කළේය.

ලීමන්ට සහ සිර මැදිරියේ කවියාට මෙන් අපටත් දුෂ්කර පසුබෑම්වලට මුහුණ දීමට සිදුවෙනවා ඇත. බලාපොරොත්තු සුන් වූ අවස්ථාවලදී, ගීතාවලිය 57:1 සටහන් කර තිබෙන පරිදි දාවිත්ගේ වචන, එනම්, “ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි” යි අපි හොඳින් ප්‍රතිරාවය කරන්නෙමු. අපගේ කරදර සමඟ “දෙවියන්වහන්සේට හඬ ගැසීම … ” (2 පදය), සාමාන්‍ය දෙයකි. “සිංහයන් අතරෙහි” (4 පදය) සිටිනවා වැනි වූ අපගේ වර්තමාන පීඩාවන් සහ අපට ඇති බිය ගැන උන්වහන්සේට කතා කිරීම සුදුසුය. අතීතයේ දෙවියන්වහන්සේගේ සැපයීමේ සත්‍යය අපට ඉක්මනින්ම සිහිපත් වන අතර “මම ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි…මමත් ඉතා අලුයම පුබුදින්නෙමි” (7-8 පදය) යනුවෙන් පවසන දාවිත් සමඟ එක්වීමට අපට පුළුවනි.

“දෙවියන්වහන්සේගේ ප්‍රේමය අති විශාලය,” ලෙස මෙම ගීතිකාව ප්‍රකාශ කරන අතර, මෙය “ඉහළම තාරකාවෙන් ඔබ්බට” යන බවට කියා ගී පදයක්ද එකතු කරයි. එය හරියටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සැබවින්ම කෙතරම් උතුම්ද යන්න අප වැළඳ ගැනීමට අවශ්‍ය වන්නේ අපගේ ශ්‍රේෂ්ඨතම අවශ්‍යතා ඇති කාලයෙහිය — ඇත්ත වශයෙන්ම එම “කරුණාව අහස දක්වාද” විහිදෙන හෙයිනි (10 පදය).