ෆිඩ්ලර් ඔන් ද රූෆ් ඉංග්‍රීසි චිත්‍රපටයේ, ටෙවීගේ චරිතය දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ ආර්ථික විද්‍යාව ගැන අවංකව කතා කරයි: “ඔබවහන්සේ බොහෝ දුප්පත් මිනිසුන් සෑදුසේක. ඇත්ත වශයෙන්ම, දුප්පත් වීම ලැජ්ජාවක් නොවන බව මට වැටහේ. නමුත් එය විශාල ගෞරවයක් ද නොවේ! ඉතින්, මට කුඩා ධනයක් තිබුණා නම් එය මෙතරම් භයානක විය හැක්කේ කෙසේද! . . . මම ධනවත් මිනිසෙක් වූවා නම්, එය මා පිළිබඳ විශාල, සදාකාලික සැළැස්මක් නැති කරන්නේද?”

කතුවර ෂෝලම් ඇලෙයිචෙම් මෙම අවංක වචන ටෙවීගේ දිව මත තැබීමට සියවස් ගණනාවකට පෙර, ආගුර් විසින්, හිතෝපදේශ පොතේ ලියා තිබෙන පරිදි දෙවියන්වහන්සේ වෙත තරමක් වෙනස් නමුත් අවංක යාච්ඤාවක් එසෙව්වේය. ආගුර්, තමන්ට දුප්පත්කම හෝ ධනය ලබා නොදෙන ලෙසත් ඔහුගේ “දිනපතා භෝජනය” පමණක් ලබා දෙන ලෙසත් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය (හිතෝපදේශ 30:8). “බොහෝ ධනය” තිබීමෙන් ඔහුට ආඩම්බර විය හැකි බවත් දෙවියන්වහන්සේගේ චරිතය ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුව දෙවි කෙනෙකු නැතැයි සිතන අයෙකු බවට පරිවර්තනය කළ හැකි බවත් ඔහු දැන සිටියේය. ඊට අමතරව, ඔහුට “දුප්පතෙකු” වීමට ඉඩ නොදෙන ලෙසද ඔහු දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. මන්ද, අන් අයගෙන් සොරකම් කිරීමෙන් ඔහු දෙවියන්වහන්සේව අගෞරවයට පත් කළ හැකි නිසාය (9 පදය). ආගූර්, දෙවියන්වහන්සේ තම එකම සැපයුම්කරු ලෙස හඳුනා ගත් අතර, ඔහු තම දෛනික අවශ්‍යතාවයට “ප්‍රමාණවත්” ලෙස සපයන්නැයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ යාච්ඤාවෙන් දෙවියන්වහන්සේව ලුහුබැඳීම සහ දෙවියන්වහන්සේ තුළ පමණක් “තෘප්තියක්” තිබෙන බව හෙළිකරන්නේය.

දෙවියන්වහන්සේ, අප ලත් සියල්ලේ සැපයුම්කරුවාණන් ලෙස හඳුනා ගනිමින් අපට ආගූර්ගේ ආකල්පය ඇති වේවා. තවද අපි උන්වහන්සේගේ නාමය ගෞරවයට පත් වන ආකාරයේ මූල්‍ය පාලනයක් හඹා යන විට, අපි උන්වහන්සේ ඉදිරියෙහි, එනම්, “ප්‍රමාණවත්” ලෙස පමණක් නොව ඊටත් වඩා අධිකව සපයන තැනැන්වහන්සේ ඉදිරියේ සෑහීමකට පත් වන අය ලෙස ජීවත් වෙමු.