මීට වසර ගණනාවකට පෙර, මගේ මිතුරියක් මට පැවසුවේ හරස් පාරවල් කිහිපයක් හමු වෙන ස්ථානයක් හරහා යාමට උත්සාහ කරන විට ඇය කොතරම් බියට පත් වූවාදැයි කියාය. “මම කවදාවත් මේ වගේ දෙයක් දැක තිබුණේ නැත; පාර හරහා යෑම සඳහා මට උගන්වා තිබූ නීති අකාර්යක්ෂම විය. මම කොතරම් බියට පත් වීද යත්, මම පාර අයිනේ සිටගෙන, බස් රථය එනතුරු බලා, මට වීදියේ අනෙක් පැත්තට යාමට ඉඩ දෙන්නේ දැයි බස් රියදුරුගෙන් කරුණාවෙන් ඇසුවෙමි. පදිකයෙකු ලෙසත් පසුව රියදුරෙකු ලෙසත් මෙම මංසන්ධියේ සැරිසැරීමට සාර්ථකව ඉගෙන ගැනීමට මට බොහෝ කාලයක් ගතවනු ඇත.”

අනතුරුදායක රථවාහන මංසන්ධියක් සංකීර්ණ විය හැකි තරමට, ජීවිතයේ සංකීර්ණත්වයේ සැරිසැරීම ඊටත් වඩා භයානක විය හැකිය. ගීතාවලිය 118 හි ගීතිකාකරුගේ නිශ්චිත තත්ත්වය අප නොදනිතත්, එය අපහසු තත්ත්වයක් බවත් සහ යාච්ඤාවට සුදුසු අවස්ථාවක් බවත් අපි දනිමු: “මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි” (5 පදය), කියා ගීතිකාකරු මොරගැසුවේය. එමෙන්ම දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය නිසැක විය: “ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි … මට උපකාරකරන්නන් අතරෙහි ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය” (6-7 පද).

අපට රැකියා හෝ පාසල් හෝ නිවාස හෝ වෙනස් කිරීමට අවශ්‍ය වූ විට බිය වීම අසාමාන්‍ය දෙයක් නොවේ. සෞඛ්‍යය පිරිහෙන විට, සබඳතා වෙනස් වන විට, නැතහොත් මුදල් හිඟයක් ඇති වන විට කනස්සල්ල ඇති වේ. නමුත් මෙම අභියෝග, දෙවියන්වහන්සේ විසින් අත්හැර දැමීමක් ලෙස අර්ථකථනය නොවිය යුතුයි. දැඩි පීඩනයක් ඇති වූ විට, අපි යාච්ඤාවෙන් උන්වහන්සේගේ අභිමුඛයට යන්නෙමු.