ලෝවා විශ්ව විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවේ සම්ප්‍රදායන් අති විශිෂ්ටයි. කිනික් ක්‍රීඩාංගනයට යාබදව ස්ටෙඞ් නැමැති ළමා රෝහල පිහිටා තිබේ. රෝහලේ ඉහළම මහලේ බිම සිට සිවිලිම දක්වා වූ ජෙනෙල් ක්‍රීඩා පිට්ටනියේ පැහැදිලි දර්ශනයක් ලබා දුන්නේය. ක්‍රීඩාවන් පවත්වන දිනවල රෝගී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිට්ටනියේ ඇති තරඟ නැරඹීමට මෙහි රොක් වෙති. තරගයේ පළමු අදියර අවසන් වූ විට පුහුණුකරුවන්, ක්‍රීඩකයන් හා දහස් ගණන් නරඹන්නන් ආරෝග්‍යශාලාව වෙතට හැරී අත් වනති. ඒ විනාඩි කිහිපයේ දරුවන්ගේ ඇස් පොපියති. ක්‍රීඩකයන්ද, ජනයාගෙන් පිරුණු ක්‍රීඩාංගණයද, රූපවාහිනිය නරඹන්නන්ද නැවතී තමන්ගේ සැළකිල්ල යොමු කිරීම දැකීම අනර්ඝය.

දේව වචනය පවසන්නේ බලවත්ව සිටින අපි (අප සියල්ලන්ටම යම් බලයක් ඇත) දුර්වලයන්ට සැළකිය යුතු බවත්, පොර බදන්නන් බලා ගත යුතු බවත්, බිඳුණු ශරීර ඇති අයට සාත්තු කළ යුතු බවත්ය. එසේ වූවත් අවධානය අවශ්‍ය අයව බොහෝ විට අපි මග හරින්නෙමු (එසකියෙල් 34:6). බොහෝ සෙයින් උපකාර අවශ්‍ය අයවළුන් නොසළකා හරින ඊශ්‍රායෙල් නායකයන්ගේ ආත්මාර්ථකාමිත්වය ගැන අනාගතවක්තෘ තරවටු කළේය.“(එඬේරුන්ට) දුක්වේ. දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත් කළේවත් ලෙඩවූ එකාට සුව කළේවත් පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත් …..” නැත කියා එසකියෙල් තුළින් දෙවියන්වහන්සේ කී සේක (2 සහ 4 පද).

කොතරම් වරක් අපගේ ප්‍රමුඛතා, නායකත්ව මතවාද හෝ ආර්ථික ප්‍රතිපත්ති හෝ නිසාවෙන් අපි කරදරයේ සිටින අය කෙරෙහි දක්වන්නේ කෙතරම් සුළු සැළකිල්ලක්ද? බලය ඇති අය දුර්වල අයව බලා ගන්නා වෙනස් මාර්ගයක් දෙවියන්වහන්සේ අපට පෙන්වන සේක (11-12 පද).