“අපට වහල්කමෙන් පිටතට මග පෙන්වන ඔබ මෝසෙස් වගෙයි” කියා ජමිලා ප්‍රකාශ කළාය. පකිස්තානයේ ගඩොල් පෝරණුවක සේවිකාවක් වන ඇය එම ගඩොල් පෝරණු හිමිකරුට ගෙවන්න තිබූ අති විශාල ණය නිසා ඇයත් ඇගේ පවුලත් බොහෝ පීඩා වින්දහ. පොළිය ගෙවීමට පමණක් ඔවුන්ගේ ආදායමෙන් බොහෝ කොටසක් වැය වුනි. නුමුත් ඔවුන්ගේ ණයෙන් නිදහස් වීමට ලාභ නොලබන ආයතනයකින් ඔවුන්ට ත්‍යාගයක් ලැබුණු විට ඔවුන්ට ඉමහත් සහනයක් ලැබුණි. ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ඒජන්සියේ නියෝජිතයන්ට ස්තුති කරමින් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූ ජමිලා පෙන්වා දුන්නේ එය දෙවියන්වහන්සේ මෝසෙස්ව සහ ඉශ්‍රායෙල් වරුන්ව වහල්කමෙන් නිදහස් කර ගත්තා හා සමාන වූ බවයි.

ඉශ්‍රායෙල්වරු දරුණු තත්ත්වයන් යටතේ වසර සිය ගණනක් මිසරවරුන්ගෙන් පීඩා වින්දහ. ඔව්හු උදව් ඉල්ලා දෙවියන්වහන්සේට මොර ගැසූහ (නික්මයාම 2:23). නමුත් ඔවුන්ගේ වැඩ ප්‍රමාණය අධික වූයේ අලුත් ඵාරාවෝ ගල් සෑදීමට පමණක් නොව ඒවා සෑදීමට අවශ්‍ය පිදුරුද සොයා ගැනීමට ඔවුන්ට අණ කළ හෙයිනි (5:6-8). පීඩාවට එරෙහිව ඉශ්‍රායෙල්වරු දිගටම මොර ගසන විට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන බවට උන්වහන්සේ දුන් පොරොන්දුව දෙවියන්වහන්සේ නැවත සිහපත් කළ සේක (6:7). උන්වහන්සේ “දිගු කළ බාහුවකින්” (6 පදය) ඔවුන්ව නිදහස් කරන හෙයින් ඔවුහු තවදුරටත් වහලුන් නොවනු ඇත.

දෙවියන්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ව මිසරයෙන් පිටතට ගෙනාවේය (14 පරිච්ඡේදය බලන්න). දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේ කුරුසියේ දිගු කළ බාහුවෙන් අදටත් අපව ගළවා ගන්නා සේක. කලක් අපව පාලනය කළ ඊටත් වඩා බැරෑරුම් වහල්කමක් වන පාපයෙන් අපව ගළවා තිබේ. අපි තවදුරටත් වහලුන් නොවෙමු. නමුත් නිදහස ලැබූ අය වෙමු.