එක් දිනක් හයවන ශ්‍රේණියේ සිටි සිසුවෙක් තම පංතියේ මිතුරෙක් කුඩා රේසරයකින් අත කපා ගන්නවා දුටුවාය. නිවැරදි දේ කිරීමට උත්සාහ කරමින් ඇය ඔහුගෙන් එය උදුරා ගෙන ඉවතට විසි කළාය. පුදුමයට කාරණය නම් ප්‍රශංසාව වෙනුවට ඇයට ලැබුණේ දින දහයක පංති තහනමකි. මන්ද? පාසැලේ එවැනි දේවල් තහනම් කර තිබූ නිසාවෙන් ටික වේලාවකට හෝ ඇගේ අතේ රේසරය තිබුණු හෙයිනි. නැවත එසේ කරනවාදැයි ඇගෙන් විමසා සිටි විට ඇය පැවසුවේ “මම කරදරයට පත් වූවත් ….. නැවතත් මම එසේ කරමි” යනුවෙනි. හොඳක් කිරීමේ මෙම දැරියගේ ක්‍රියාව ඇයව කරදරයට දැමුවාක් මෙන් (පසුව ඇගේ තහනම ඉවත් කරන ලදී) යේසුස්වහන්සේ රාජ්‍යය වෙනුවෙන් මැදිහත් වීමේ ක්‍රියාව ආගමික නායකයන් සමග උන්වහන්සේ හොඳ කරදරයකට වැටීමට හේතු විය.

ඵරිසිවරු යේසුස්වහන්සේ මනුෂ්‍යයෙක්ගේ වියළි අතක් සුව කිරීම නීති කැඩීමක් ලෙස සැළකූහ. ක්‍රිස්තුස්වහන්සේ පැවසුවේ සබත් දවසේදී කරදරයක වැටුණු සතෙක් බේරා ගැනීමට නීතිය දෙවියන්වහන්සේගේ සෙනගට ඉඩ දෙන්නේ නම් “බැටළුවෙක්ට වඩා මනුෂ්‍යයෙක් කෙතරම් උතුම්ද?” කියාය (මතෙව් 12:12). මක්නිසාද උන්වහන්සේ සබත් දවසෙහි ස්වාමියා වන හෙයින් එම දිනයේ සුදුසු සහ නුසුදුසු කුමක්දැයි තීරණය කිරීමට උන්වහන්සේට හැකිය (6-8 පද). එය ආගමික නායකයන් කෝප කරවන බව දැන සිටියත් උන්වහන්සේ එම මනුෂ්‍යයාගේ අත සම්පූර්ණ කළ සේක (13-14 පද).

සමහර විට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් “හොඳ කරදර” වලට වැටෙති. උන්වහන්සේව ගෞරවයට පත්වන දේවල් කරද්දී ඒවා සමහරුන්ව ප්‍රීතියට පත් නොකරති. ඒ ඔවුන් අන් අයට උපකාර කිරීමේදීය. දෙවියන්වහන්සේ අපට මග පෙන්වන ආකාරයට අප කරන විටදී අපි යේසුස්වහන්සේව අනුකරණය කරමින් නීති සහ චාරිත්‍රවලට වඩා මනුෂ්‍යයා උතුම් බව පෙන්වමු.