රක්‍ෂණ වෙළඳ මහතුන් සාර්ථක වීමට හේතුව සොයා ගැනීමට ව්‍යාපාර විශ්ලේෂක ෆ්‍රැන්සිස් එවන්ස් වරක් ඔවුන් 125 දෙනෙක්ගෙන් අධ්‍යයනයක් කළේය. පුදුමයට කාරණය නම් එයට ප්‍රධාන හේතුව තරඟකාරිත්වය නොවේ. ඒ වෙනුවට එවන්ස් සොයා ගත්තේ පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් රක්‍ෂණයක් මිළදී ගන්නේ සමාන දේශපාලනය, අධ්‍යාපනය සහ තමන්ගේ උසට සරිලන අයගෙන් බවයි. විද්වතුන් මෙයට “සමානුකූලතාවය” යයි කියති. එනම් තමන් වැනි සෙනගට ඇති කැමැත්ත වේ.

මෙම “සමානුකූලතාවය” අපගේ ජීවිතයේ වෙනත් ක්‍ෂේත්‍ර වලද ක්‍රියාත්මක වන්නේය. එනම් විවාහ වීමට සහ මිතුරුකම් ඇති කර ගැනීමට තමන්ට සමාන අය සෙවීමය. පාලනයක් නොකළහොත් ස්වාභාවික සමානුකූලතාවය විනාශකාරී විය හැකිය. අපි කැමති වන්නේ අප හා සමාන අයට වන බැවින් ජාති, දේශපාලනික සහ ආර්ථික අතින්ද සමාජයේ බිඳීම් ඇති විය හැකිය.

පළමු සියවසේදී යුදෙව්වන් යුදෙව්වන් සමගද ග්‍රීකවරුන් ග්‍රීක වරුන් සමගද එක් වූ අතර ධනවත් අය සහ දුගී අය කිසිදා එකතු නොවීය. එසේ වූවත් රෝම 16:1-16 දක්වා පාවුල්ට රෝම සභාව විස්තර කළ හැකි වූයේ ප්‍රිස්කිලා සහ අකිලාද (යුදෙව්), එපිනතස්ද (ග්‍රීක), පේබීද (“බොහෝ අයට ආශිර්වාදයක්” වූ බොහෝ විට ධනවත් වූ), පිලෝලෝගස්ද (සාමාන්‍යයෙන් වහලුන්ට භාවිතා කරන නමක්) ඇතුළත් කරමිනි. මෙවැනි වෙනස් පුද්ගලයන්ව එකතු කර ඇත්තේ කුමක්ද? යේසුස්වහන්සේය. උන්වහන්සේ තුළ “යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය. දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය” (ගලාති 3:28).

අප වැනි සෙනග සමග ජීවත් වීමට, වැඩ කිරීමට සහ සභාවට යාමට කැමති වීම සාමාන්‍යය දෙයකි. යේසුස් වහන්සේ ඉන් ඔබ්බට අපව තල්ලු කරන සේක. විවිධ සීමා ඔස්සේ බිඳී ඇති ලෝකයක අපි උන්වහන්සේ තුළ එක්සත්ව එකම පවුලක් ලෙස වෙනස්ව එකට සිටින සෙනඟක් විය යුතු වන්නෙමු.