Archives: ඔක්තෝබර් 2023

අළු වෙනුවට අලංකාරය

කොලරාඩෝ ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ගින්න වූ මාෂල් ගින්නෙන් පසුව, එක් ක්‍රිස්තියානි සභාවකින් කණ්ඩායමක් එකතු වී, එහි ජීවත්ව සිටි පවුල්වලට අයිති වූ වටිනා භාණ්ඩ අළු මැද සෙවීමට උපකාර කිරීමට ඉදිරිපත් විය. පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ වටිනා වස්තූන් තවමත් අළු අතරේ ඇතැයි බලාපොරොත්තු විය. සම්බ වුනේ සුළු භාණ්ඩ ප්‍රමාණයක් පමණි. එක් මිනිසෙක් ඔහුගේ මංගල මුදුව ගැන මෘදු ලෙස කතා කළේය. ඔහු එය උඩුමහලේ…

සැමට එකම දොරක්

මගේ ළමා වියේ අසල්වැසි අවන්හලේ ක්‍රියා පිළිවෙළ 1950 ගණන්වල අගභාගයේ සහ 1960 ගණන්වල මුල් භාගයේ සමාජ සහ වාර්ගික ගතිකත්වයන්ට අනුකූල විය. මුළුතැන්ගෙයි සහායකයින් එනම් කෝකියා වන මේරි සහ මා වැනි පිඟන් සෝදන්නන් කළු ජාතිකයන් වූහ; කෙසේ වෙතත්, ආපනශාලාවේ අනුග්‍රාහකයන් වූයේ සුදු ජාතිකයන් ය. කළු ජාතියට අයත් වූ පාරිභෝගිකයින්ට ආහාර ඇණවුම් කළ හැකි නමුත් ඔවුන්ට එය ලබා ගත හැකි වූයේ පිටුපස…

අධෛර්යයමත් නොවන්න

මගේ මව ඩොරති හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි කාලයක් මට මතක නැත. බිඳෙනසුලු දියවැඩියා රෝගියෙකු ලෙස වසර ගණනාවක් ඇගේ රුධිරයේ සීනි ප්‍රමාණය වෙනස් විය. සංකූලතා (වෙනස්වීම්) වර්ධනය වූ අතර ඇගේ හානි වූ වකුගඩුවලට ස්ථිර ඩයලිසිස් (රුධිරය කාන්දු කිරීමක්) අවශ්‍ය විය. ස්නායු රෝග සහ අස්ථි බිඳීම රෝද පුටුවක් භාවිතා කිරීමට හේතු විය. ඇගේ ඇස් පෙනීම අන්ධභාවයට පත්වීමට පටන් ගත්තේය.

නමුත් ඇගේ ශරීරයෙන්…

දෙවියන්වහන්සේට යටත් වීම

තමන්ටම උදව් කරන අයට දෙවියන්වහන්සේ උදව් කරන්නේ නැත; උන්වහන්සේව විශ්වාස කරන සහ උන්වහන්සේ මත බලාපොරොත්තු තබන අයට උන්වහන්සේ උපකාර කරන සේක. ශුභාරංචි මත පදනම් වූ සාර්ථක රූපවාහිනී කතා මාලාවක් වන “ද චෝසන්” (තෝරා ගන්නා ලද) හි යේසුස්වහන්සේගේ චරිතය රඟ දක්වන නළු ජොනතන් රූමි 2018 මැයි මාසයේදී මෙය වටහා ගත්තේය. වසර අටක් තිස්සේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජීවත් වූ රූමි අන්ත…

නොනැවතී අන්තරාදායක තත්ත්වයකට යාම

1892 දී, කොලරාව සහිත පදිංචිකරුවෙකු අහම්බෙන් එල්බේ ගඟ හරහා ජර්මනියේ සමස්ත ජල සැපයුම වන හැම්බර්ග් නගරය වෙත රෝගය සම්ප්‍රේෂණය කළේය. සති කිහිපයක් ඇතුළත පුරවැසියන් දසදහසක් මිය ගියේය. මීට වසර අටකට පෙර ජර්මානු ක්ෂුද්‍රජීව විද්‍යාඥ රොබට් කොක් විසින් සොයා ගැනීමක් සිදු කරන ලදී: කොලරාව ජලයෙන් බෝවන රෝගයකි. කොක්ගේ හෙළිදරව්ව විශාල යුරෝපීය නගරවල නිලධාරීන් ඔවුන්ගේ ජලය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරීමේ පද්ධතියට…