“ඔබ නින්දට යාමට පෙර ඉස්සරහ කාමරය පිරිසිදු කරන්න” කියා මම මාගේ එක් දියණියකට කීවෙමි. “ඇයි එයාට ඒක කරන්න බැරි?” ක්‍ෂණිකව පිළිතුර පැමිණියේය.

අපගේ දියණියන් තරුණ කාලයේදී එවැනි මෘදු විරෝධයන් අප නිවසේ බහුල විය. මගේ පිළිතුර සෑම විටම එක හා සමාන විය. “ඔබගේ සහෝදරියෝ ගැන කරදර වෙන්න එපා. මම කිව්වේ ඔබටයි”.

යොහන් 22 හි මෙම මනුෂ්‍ය ප්‍රවණතාවය ගෝලයන් අතරද තිබූ බව අපි දකින්නෙමු. තුන් වරක් උන්වහන්සේව ප්‍රතික්‍ෂේප කළ පසු යේසුස්වහන්සේ පේත්‍රැස්ව ප්‍රතිෂ්ඨාපනය කර තිබුණි (යොහන් 18:15-18, 25-27 බලන්න). දැන් යේසුස්වහන්සේ පේත්‍රැස්ට මෙසේ කී සේක : “මා අනුව වරෙන්න” (21:19). සරල එහෙත් වේදනාත්මක අණකි. පේත්‍රැස් මරණය තෙක් උන්වහන්සේව අනුගමනය කරන බව යේසුස්වහන්සේ විස්තර කළ සේක (18-19 පද).

තමන් පසුපස එන ගෝලයා ගැන ඇසීමට ප්‍රථම පේත්‍රැස්ට යේසුස්වහන්සේගේ වචන තේරුම් ගැනීමට කාලයක් නොතිබුණි. “මොහු ගැන කිමෙක්ද?” (21 පදය) කියා පේත්‍රැස් ඇසීය. “මා එනතුරු ඔහු සිටිනවාට මා කැමති නම් නුඹට මොකද?” කියා යේසුස්වහන්සේ පිළිතුරු දුන් සේක. ඉන්පසුව “මා අනුව වරෙන්න” කියා උන්වහන්සේ කී සේක (22 පදය).

කොපමණ වරක් අපි පේත්‍රැස් මෙන් වන්නෙමුද? අප ගැන දෙවියන්වහන්සේ කරන දෙය ගැන නොවේ අන් අයගේ ඇදහිල්ලේ ගමන ගැන අපි කරදර වෙන්නෙමු. ඔහුගේ ජීවිතයේ පසු කාලයේදී යොහන් 21 හි යේසුස් වහන්සේ පූර්වයෙන් ප්‍රකාශ කළ මරණය ළංව තිබියදී පේත්‍රැස් යේසුස්වහන්සේගේ සරල ආඥාව විස්තර කළේය. “….. කීකරුකමේ දරුවන් මෙන් නුඹලා කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාත් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා” (1 පේත්‍රැැස් 1:14-15). අප අවට සිටින අය දෙස නොව යේසුස් වහන්සේ කෙරෙහි අපගේ අවධානය තබා ගැනීමට එයම ප්‍රමාණවත් වන්නේය.