මගේ මිතුරියක් විසින් මා හට ගෙනා චෝදනා වලට පිළිතුරු දීමට මගේ මුව හරිත්ම මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා මට දැණුනි. ඇය අඟවන ලෙස මා අන්තර්ජාලයට මුදා හළ දේවල ඇයට විරුද්ධව කිසිවක් නොවීය. නමුත් පිළිතුරු දීමට පෙර මම යාච්ඤාවක් මිමුණුවෙමි. ඊට පසු මම සංසුන්ව ඇය කියන දේවල්ද ඒවා තුළ තිබූ රිදුම් වලටද සවන් දුන්නෙමි. ඇය මතුපිට ඇති දෙයට වඩා ගැඹුරට ගොස් ඇති බව මට පැහැදිළි වුනි. මගේ මිතුරිය වේදනාවෙන් සිටියාය. ඇගේ වේදනාව අඩු කර ගැනීමට ඇයට උපකාර කිරීමට මම තීරණය කළ විට මාව නිදොස් කර ගැනීමට තිබූ අවශ්‍යතාවය පහව ගියේය.

මෙම සංවාදය අතර තුරදී “එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන් වේවා. කථා කිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා” (1:19) යනුවෙන් අද දිනයේ දේව වචනයෙන් යාකොබ් අපෙන් ඉල්ලා සිටියේ කුමක්දැයි මම ඉගෙන ගත්තෙමි. ඇහුම්කන් දීම වචනවල පිටුපස ඇති දෙය තේරුම් ගැනීමට හැකියාව ලබා දී “මනුෂ්‍යයාගේ උදහසින් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට නොවන්නේය” (20 පදය) නිසා කෝපය වළක්වා ගත හැකිය. එය කථා කරන අයගේ හදවත එළිදරව් කරන්නේය. නැවතී යාච්ඤා කිරීම මගේ මිතුරිය වෙනුවෙන් බොහෝ සෙයින් මට උපකාර වූයේ යයි මම සිතමි. මගේ සිත් රිදීමට වඩා මම ඇගේ වචනවලට සංවේදී වුනෙමි. මම යාච්ඤා කිරීමට නොනැවතුණි නම් මාගේ සිතුවිලි ප්‍රකාශ කර මට කෙතරම් වේදනාවක් දැණුනේදැයි කියනු ඇත.

මම සෑම විටම යාකොබ් ඉදිරිපත් කරන නියමයන් පිළිපදින්නේ නැති වූවත් මම සිතන්නේ මම එදින ඒ දෙය කළ බවයි. කෝපය සහ සිත් රිදුම මාව පාලනය කරන්න පෙර යාච්ඤාවක් මිමිණීමට මා නැවතීම, ඇසීමට ඉක්මන් වීමේ සහ කථා කිරීමට ප්‍රමාද වීමේ ප්‍රධාන යතුර වූයේය. නිතරම පාහේ මෙසේ කිරීමට දෙවියන්වහන්සේ ප්‍රඥාව දෙන ලෙසට මම යාච්ඤා කරමි (හිතෝපදේශ 9:11).