විසිවන සියවස ආරම්භයට ආසන්නයේ මේරි මැක්ඩොවෙල් චිකාගෝහී කෲර ගබඩා ස්ථානවලට වඩා වෙනස් ලෝකයක ජීවත් වූවාය. ඇයගේ නිවස පිහිටියේ සැතපුම් විස්සකට එහායින් වුවද කම්කරුවන් වැඩ වර්ජනය කරන්න හේතු වූ අමානුෂීය කම්කරු තත්ත්වයන් ගැන කිසිවක් නොදැන සිටියාය. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දුන් අසිරු තත්ත්වයන් ගැන දැන ගත් පසුව ඇයත් ඔවුන් සමග ජීවත් වීමට ගොස් ඔවුන්ගේ යහපත් තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටියාය. කුඩා කඩ කාමරයක් පිටුපසින් වූ පාසැලක දරුවන්ට ඉගැන්වීමද ඇතුලුව ඇය ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැන සළකා බැලුවාය.

තමන්ට සෘජුව බලනොපෑවත් අන් අයගේ යහපත් තත්ත්වයන් උදෙසා නැගී සිටීම වැනි දෙයක් එස්තර්ද කළාය. ඇය පර්සියාවේ රැජින වූවාය (එස්තර් 2:17). පර්සියාවේ වහලුන් මෙන් විසිර සිටි අනෙක් ඉශ්‍රායෙල්වරුන්ට වඩා වෙනස් වරප්‍රසාද ඇය සතු විය. එසේ වූවත් ඇය පර්සියාවේ ඉශ්‍රායෙල්වරුන්ගේ කාරණය තමන් සතු කර ගෙන “එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැති වුණොත් නැති වුණාවේ…” (4:16) කියා කියමින් තමාගේ ජීවිතය පවා අවදානමට ලක් කළාය. ඇයට නිශ්ශබ්දව සිටින්ට හැකියාව තිබුණි. මක්නිසාදයත් ඇගේ ස්වාමිපුරුෂයා වන රජු ඇය යුදෙව් කියා දැන සිටියේ නැත (2:10). නුමුත් ඇගේ ඥාතීන් උදව් ඉල්ලා කළ ආයාචනයන් නොසළකා නොහරිමින් යුදෙව්වන් විනාශ කිරීමට තිබූ නපුරු ප්‍රයත්නයක් එඩිතරව එළිදරව් කළාය.

මේරි මැක්ඩොවෙල් හෝ එස්තර් රැජින මෙන් දැවැන්ත කාරණා වලට මැදිහත් වීමට අපට නොහැකි වුවද අන් අයගේ අවශ්‍යතාවයන් දැක ඔවුන්ට උපකාර කිරීමට දෙවියන්වහන්සේ සපයා ඇති දේවල් ප්‍රයෝජනයට ගනිමු.