තමාට මාරාන්තික පිළිකාවක් ඇතැයි පිළිගැනීමට අකමැති කාන්තාවක් ගැන ලියා තිබූ නවකථාවක් මම මෑතකදී කියෙව්වෙමි. වේදනාවෙන් පීඩිතවූ ඇයගේ මිතුරියන් සත්‍යයට මුහුණ දෙන ලෙසට ඇයට බලකළ විටදී ඇයගේ මග හැරීමට හේතුව ඉස්මතු වුනි. “මගේ ජීවිතය මම නාස්ති කර ගත්තෙමි” කියා ඇය ඔවුන්ට කීවාය. තලෙන්ත සහ වස්තුව සමග ඉපදුණු ඇය තවදුරටත් කියා සිටියේ “මගේ ජීවිතයෙන් මම කිසිදෙයක් නොකළෙමි. කිසිදෙයක් හරියට නොකළෙමි. එකකවත් රැඳී නොසිටියෙමි” යනුවෙනි. දැන් ලෝකය අතහැර යාමේ අපේක්‍ෂාව සහ ඇය ලබා ගෙන ඇත්තේ ස්වල්පයක්ය යන හැඟීම දරා ගැනීමට බැරි තරමට නිකොලාට වේදනාකාරී විය.

ඒ කාලයේදී මම දේශනාකාරයා කියවමින් සිටියෙමි. මම වෙනස මුළුමණින්ම සොයා ගත්තෙමි. එහි කර්තෘ මිනීවලෙහි යථාර්ථය වළක්වන්නේ නැත. “මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත්….. නැත” (9:10). මීට මුහුණ දීමට අසීරු වුවද (2 පදය) අප ගත කරන සෑම මොහොතක්ම අගය කිරීමට අපට උපකාරී වේ (4 පදය). එනම් උවමනාවෙන් අපගේ ආහාර සහ පවුල ගැන සතුටු වීම (7-9 පද) අරමුණක් ඇතිව වැඩ කිරීම (10 පදය) නිර්භීත ක්‍රියා සහ අවදානම් සහිත ක්‍රියවන්වල යෙදීම (11:1-6) සහ අප දිනකදී පිළිතුරු දිය යුතු දෙවියන්වහන්සේ ඉදිරියෙහි මේ සෑම දෙයක්ම කිරීම වන්නේය (9 පදය; 12:13-14).

නිකොලාගේ මිතුරන් ඇයට පැවසුවේ ඇය ඔවුන් කෙරෙහි දැක්වූ විශ්වාසවන්තකම සහ ත්‍යාගශීලීත්වය ඇයගේ ජීවිතය නාස්ති කර ගැනීමක් නොවූ බව පෙන්වන්නේය කියාය. නමුත් අපගේ මැවුම්කරුවාණන් සිහිපත් කිරීම (12:1) උන්වහන්සේගේ මාර්ග අනුගමනය කිරීම සහ අද දවසේ උන්වහන්සේ සපයන ජීවිතයේ සහ ප්‍රේමයේ අවස්ථාවන් වැළඳ ගැනීම මගින් සමහර විට ගුරුවරයාගේ අනුශාසනාවලට අපගේ ජීවිතයේ අවසාන කාලයේදී එවැනි ඛේදවාචකයකින් අපව ගළවා ගත හැකිය.