බැලීමට පැති හතරක්
නමස්කාර රැස්වීමකට වාඩි වන විට ජොඈන් තම දරුවන් පිළිබඳ යම් අසීරු කාරණා සමඟ පොරබදිමින් සිටියාය. වෙහෙසට පත්ව සිටි ඇයට මව් පදවියෙන් "අස්වීමට" අවශ්‍ය විය. එ් අවස්ථාවේදී එසේ අත්හැරීමට සිතන අයට දේශකයා දිරිමත් කිරීමේ වචන කිහිපයක් පැවසීය. එදින ඇසූ මේ සිතුවිලි 4 ඉදිරියට යෑමට ජොඈන්ට උපකාරීවිය.
"ඉහළ බලා යාච්ඤා කරන්න." ආසාප් රාත්‍රිය මුළුල්ලේ යාච්ඤා කළ අතර දෙවියන්වහන්සේ ඔහුව අමතක කර දමා ප්‍රතික්ෂේප…
එය ආපසු ගැනීමට බැරිය
මට මාගේ ක්‍රියාවන් ආපසු ගැනීමට නොහැකි විය. කාන්තාවක් රථය නවතා ගොස් තිබූ ආකාරයට මට පෙට්ට්‍රොල් කණුව වෙත යාමට නොහැකි විය. ඇය වෙන් කළ කසල වගයක් භාජනයට දැමීමට ගොස් තිබිණ. මට ඉවසීමට සිතුනේ නැති නිසා මම ඇයට නළාව ශබ්ද කර රථය පසුපසට ගෙන වෙන මාර්ගයකින් එතැනට ගියෙමි. තත්පර 30ක් සිටීමට ඉවසීම නැති වීම ගැන මට මා ගැන කළකිරීමක් ඇතිවිය. මම දෙවියන්වහන්සේගෙන්…
පිරිමි ළදරුවෙක්
අනුග්රහයේ ත්‍යාගය: දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයා දුන් සේක.
(මරියා) ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන්…
ප්‍රධාන කාරණය
මාගේ නගරයේ ගිනිකෙළි සංදර්ශනයක් නරඹන අතර තුර මගේ අවධානය වෙනතකට ගියේය. ප්‍රධාන ගිනිකෙළි වලට දෙපසින් දකුණට සහ වමට කුඩා ගිනිකෙළි අහසේ ඉහළට නැගින. ඒවා හොඳය නමුත් ඒවා බැලීමට ගොස් මා ඉදිරියෙහිවූ ප්‍රධාන අලංකාර ගිනිකෙළි භුක්ති විඳීමට මට නොහැකි විය.
සමහර විට හොඳ දේවල් නිසා වඩාත් හොඳ දේ අපගෙන් මඟහැරී යයි. එය මාර්තාගේ ජීවිතයේ දී සිදුවිය. ඇයගේ කථාව ලුක් 10:38-42හි සඳහන්ව…
අපැහැදිලි දැක්ම
මාගේ මිතුරිය මේගන් නිපුණ අශ්ව විද්‍යාඥවරියකි. අශ්වයන් ගැන මම බොහෝ වැදගත්දේ ඇයගෙන් ඉගෙන ගතිමි. භූමිය මතුපිට සිටින සියලු සතුන්ට වඩා විශාල ඇස් තිබුණද උන්ගේ පෙනීම ඉතා අඩුය. මිනිසුන්ට තරම් උන්ට වර්ණ පෙණෙන්නේ නැත. ඒ නිසා විශාල නයෙකුද නැතිනම් පොල්ලක්ද කියා නොදැක පාගා උන් හානියකට පැමිණිය හැක. එ් හේතුව නිසා උන් හරියාකාරව පුහුණු වන තුරු අශ්වයින් ඉක්මණින් බියවී ඉක්මණින් පැන දුවති.…
පෙම් අගුලු
"පෙම් අගුලු" ව්‍යාප්තවී යන මෝස්තරයකි. පේ‍්‍රමයෙන් වෙලී සිටින දහස් ගණන් සෙනඟ මෙම අගුලු ප්‍රංශය, චීනය, ඔස්ටි්රයාව, චෙක් ජනරජය, සර්බියාව, ස්පාඤ්ඤය, මෙක්සිකෝව සහ උතුරු අයර්ලන්තය යන රටවල් ඇතුලුව ලොව වටා ඇති පාලම්, ගේට්ටු සහ වැටල් යනාදියෙහි සවිකර ඇත. ප්‍රේමවන්තයින් අගුලු මත තම නම් කොටා එ්වා තමන්ගේ සදාතනික ප්‍රේමයේ සංකේත ලෙස පොදු ස්ථාන වල සවිකරති. සමහර ප්‍රසිද්ධ ස්ථාන වල සිටින නිලධාරින් මේවා…
දෙවියන්වන්සේගේ යහපත් සිත
රොජර් බොහෝ කරදර තුළින් ගමන් කළ අයෙකි. කාන්දුවූ ධමනියක් අලුත් වැඩියා කිරීමට ඔහුට විවෘත හදවත් සැත්කමක් කිරීමට සිදුවිය. එහෙත් සංකූලතා නිසා වෛද්‍යවරුන්ට නැවත ශල්‍යකර්මයක් කිරීමට සිදුවිය. ශාරීරික සැත්කමින් ඔහු සුවවෙමින් සිටි අතරතුර බයිසිකල් අනතුරකින් ඔහුගේ උරහිස් කටුව කැඩුණි. ඊට අමතරව මව මිය යෑම නිසා ඔහු තද සිත් වේදනාවකට මුහුණ දුන්නේය. ඔහු ඉතා අධෛර්යයට පත්විය. දෙවියන්වහන්සේ කුඩා කාරණා වලදී ක්‍රියා කරනවා…
මා වෙතට එන්න
යේසුස්වහන්සේ මෙලොව ජීවත්වන කාලයෙහිදී උන්වහන්සේ තමන් වෙතට එන්නයැයි සෙනඟට ආරාධනා කළසේක. අදද උන්වහන්සේ එසේ කරනසේක (යොහන් 6:35). එහෙත් උන්වහන්සේ සහ පියාණන් සතු එසේම අපට අවශ්‍ය දෙය කුමක්ද?
ගැළවීම - පාපයට සමාව සහ ස්වර්ගයට යෑමේ පොරොන්දුව ලබාගත හැක්කේ යේසුස්වහන්සේගේ මාර්ගයෙන් පමණි. "උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය" (යොහන් 3:16).
අරමුණ - අපගේ සිත, මනස, ආත්මය සහ ශක්තිය යේසුස්වහන්සේ…
නැතිවූ බැටළුවෙකු
සජීවී නත්තල් සංදර්ශනයක් සඳහා ලෝරා එළුවෙකු සහ බැටළුවෙකු ඉල්ලාගෙන තම සභාවට ගෙන යාමට වාහනයට පැටවුවාය. සතුන් දෙදෙනා ටික වේලාවක් එකිනෙකාට ඇණගෙන ඉන්පසු නිශ්චල වූවෝය. ලෝරා සභාවට යාමට පිටත්වූවාය. එහෙත් පළමුවෙන් වාහනයට ඉන්ධන පිරවීමට ඇය රථය නතර කළාය.
ඉන්ධන පුරවන අතර ඇය දුටුවේ එළුවා පිටත සිටින බවය. බැටළුවා නැතිවී තිබිණ. උන් එකිනෙකා සමඟ ඇණ ගන්නවා බලා සිටි නිසා ඇයට එක් අගුලක්…
රුකුලක් වන්න
කෙතරම් අනර්ඝ අවමංගල්යයක්ද! අප නික්ම යන විට සින්ඩි පැවසීය. අපගේ මිතුරිය හෙලන් මිය ගියාය. ඇයගේ විනෝදකාමී හැසිරීම ගැන කථා කරමින් මිතුරෝ එකිනෙකා ඇයව සැමරුවෝය. එහෙත් හෙලන්ගේ ජීවිතය විහිළු සහ සිනහ පමණකට සීමා වූවක් නොවේ. ඇයගේ සහෝදරයාගේ පුත්‍රයා යේසුස්වහන්සේ කෙරෙහි ඇයගේ ඇදහිල්ල ද ඇය අන් අයට සැලකූ ආකාරය ද විස්තර කළේය. ඔහු යෞවනයෙකු ලෙස අරගලයක යෙදී සිටින අතර ඇය ඔහු තම…