අමතක කර නැත
ඓතිහාසික දේ පසුපස යන මිෂනාරිවරුන් ගැන සිතන විට ජෝර්ජ් ලීල්ගේ නම (1750-1820) මතකයට එන්නේ නැත. සමහර විට එසේ විය යුතුය. වහල්භාවයේ ඉපිද ලීල් ජෝර්ජියාවේදී ක්‍රිස්තුස්වහන්සේව දැන ගෙන ඔහු නිදහස ලබා ගත්තේ ඇමෙරිකානු විප්ලවවාදී යුද්ධයට පෙරයි. යේසුස්වහන්සේගේ පණිවුඩය ජැමෙයිකාවට ගෙන ගිය ඔහු එහි වතුවල වහලුන්ට සේවය කරමින් ජෝර්ජියාවේ සැවානා හි පිහිටි “අප්‍රිකානු-ඇමෙරිකානු” සභා දෙකක ආරම්භක සභා පාලකයා ලෙසද සේවය කළේය. එයින්…
අව්‍යාජ බලාපොරොත්තුව
1960 දශකයේ මුල් භාගයේදී එක්සත් ජනපදය දීප්තිමත් අනාගතයක් පිළිබඳ අපේක්ෂාවෙන් පිරී තිබුණි. තරුණ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා නව දේශ සීමා, සාම බලකාය සහ සඳ වෙත ළඟා වීමේ කාර්්‍යයන් හඳුන්වා දුන්නේය. ශක්තිමත් වන ආර්ථිකයක් බොහෝ ජනතාවට “හොඳ කාලයක් උදාවේය” යන බලාපොරොත්තුව ඇති කළේය. පසුව වියට්නාම් යුද්ධය උත්සන්න විය. ජාතික නොසන්සුන්තාවයක් ඇති වුනි. කෙනඩිව ඝාතනය කෙරුණි. කලින් සුභවාදී සමාජයේ පිළිගත් සම්මතයන්…
ලස්සනට කැඩී ඇත
අපේ බස් රථය අපේ අපේක්ෂිත ගමනාන්තය වන ඊශ්‍රායලයේ කැණීමක් සිදු කළ ස්ථානයට ළඟා වුනි. එහිදී අපට අපේම කැණීම් කටයුතු සිදු කළ හැකි වන්නේය. මෙම ස්ථානයේ අධ්‍යක්ෂක වරයා පැහැදිළි කළේ අප යමක් සොයා ගත්තද ඒවා වසර දහස් ගණනක් තිස්සේ සොයා ගෙන නොතිබූ බවයි. කැඩුණු පිඟන් මැටි කැබිලි හාරද්දී අපට දැණුනේ අපි ඉතිහාසය ස්පර්ශ කරන බවයි++. දීර්ඝ කාලයකට පසුව වැඩපළ භූමිය වෙත…
ස්තූතිවන්ත හදවතක්
පුරාණ රෝමයේ (ක්‍රි:පූ: 4-ක්‍රි:ව: 65) ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වු සෙනෙකාට මෙසාලිනා අධිරාජ්‍යයා විසින් කාමමිථ්‍යාචාරය සම්බන්ධයෙන් චෝදනා කරන ලදී. සෙනෙට් සභාව ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසුව ක්ලෝඩියස් අධිරාජ්‍යයා ඔහුව කෝර්සිකා වෙතට පිටුවහල් කළේ සමහර විට චෝදනාව අසත්‍ය යැයි ඔහු සැක කළ නිසා විය හැකිය. මෙම සහනය සෙනෙකාගේ කෘතඥතාවය පිළිබඳ දැක්ම හැඩ ගස්වන්න ඇති. එම නිසා ඔහු මෙසේ ලියන්න ඇති. “මිනී මැරුම්,…
ආත්මයෙන් තීක්ෂණ බුද්ධිය
ප්‍රංශ සොල්දාදුවා තම හමුදාවේ කඳවුරේ ආරක්ෂක වළලු ශක්තිමත් කරමින් කාන්තාරයේ වැලි හාරමින් සිටියදී ඔහු වැදගත් සොයා ගැනීමක් කරනු ඇතැයි කිසි විටෙකත් සිතුවේ නැත. තවත් වැලි සවලක් ඉවත් කරද්දී ඔහු ගලක් දුටුවේය. එය සාමාන්‍ය ගලක් නොවීය. එය භාෂා තුනකින් ලියා ඇති පස්වන ටොලමි රජුගේ නීති සහ පාලනය අඩංගු රොසෙටා ගලය. එම ගල (දැන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත) දහනව වන ශත…
මතක තබා ගෙන සමරන්න
1907 දෙසැම්බර් 7 වන දින එක්සත් ජනපද බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ ගල් අඟුරු කැණීම් කර්මාන්ත ඉතිහාසයේ කුඩා ප්රජාවකගේ දරුණුතම ව්‍යසනයක් ඇති කළේ පුපුරා යාමක් හේතුවෙනි. පතල් කම්කරුවන් 360 ක් පමණ මරණයට පත්වූ අතර මෙම බිහිසුණු ඛේදවාචකයෙන් වැන්දඹුවන් 250 ක් සහ පියවරුන් නොමැති දරුවන් 1000 ක් පමණද ඉතිරි වන්න ඇතැයි ගණන් බලා තිබේ. ඉතිහාසඥයන්ගේ මතය වන්නේ අනුස්මරණ දේව සේවය එක්සත් ජනපදයේ පියවරුන්ගේ…
ශෝකයේදී බලාපොරොත්තුව
කැබ් රථය අපව ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපළට ගෙන යන අතරතුරදී රථයේ රියැදුරා අපට ඔහුගේ කථාව කීවේය. යුද්ධයෙන් සහ දුෂ්කරතාවයෙන් මිදීමට වයස අවුරුදු පහළොවේදී ඔහු තනිවම එක්සත් රාජධානියට පැමිණ තිබුණි. දැන් අවුරුදු එකොළහකට පසු ඔහුට තමාගේම පවුලක් සිටින අතර ඔහුගේ උපන් භූමියේ නොමැති ආකාරයට ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට ඔහුට හැකියාව ලැබී තිබේ. නමුත් ඔහු තවමත් තම දෙමාපියන්ගෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන්…
සමාදානයේ ජීවිතය
ඕස්ට්‍රේලියාවේ පර්ත් හී “ෂාලෝම් හවුස්” (සාමයේ නිවස) නම් ස්ථානයක් තිබේ. ඇබ්බැහිවීම් සමග පොර බදිමින් සිටින පිරිමින් උපකාරය සඳහා එහි යයි. ෂාලෝම් නිවසේදී ඔවුන්ව දෙවියන්වහන්සේගේ ෂාලෝම් වෙතට (නොහොත් හෙබ්‍රෙව් භාෂාවෙන් සමාදානය) යොමු කරන සැළකිලිමත් කාර්ය මණ්ඩලයක් හමු වේ. මත්ද්‍රව්‍ය, මත්පැන්, සූදුව සහ වෙනත් විනාශකාරී හැසිරීම්වලට ඇබ්බැහි වීමේ බරට යටවී ඇති ජීවිත දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගින් පරිවර්තනය වේ.
මෙම පරිවර්තනයට කේන්ද්‍රීය වන්නේ…
අපට අවශ්‍ය තැනට ජලය
ලෝකයේ ගැඹුරුම විල වන බයිකල් විල අති විශාලය. පුදුමාකාරය. මෙය සැතපුමක් ගැඹුරු වන අතර එහි දිග සැතපුම් 400 ක් (කි.මී.636) සහ පළල සැතපුම් 49 ක් (කි.මී.79) වේ. මෙහි ලෝකය මතුපිට ඇති නැවුම් ජලයෙන් පහෙන් එකක් අඩංගු වේ. නමුත් මෙම ජලය ලබා ගන්නා පිණිස එතැනට යා නොහැකිය. බයිකල් විල පිහිටා ඇත්තේ සයිබීරියාවේය. එනම් රුසියාවේ ඉතා දුෂ්කර ප්‍රදේශවලින් එකකය. අපේ පෘථ’වියේ වැඩි…
නොපෙනෙන දේ
ඉතිහාසඥයින් පවසන්නේ පරමාණුක යුගය ආරම්භ වූයේ 1945 ජූලි මස 16 වන දින මෙක්සිකෝවේ දුර බැහැර කාන්තාරයක පළමු න්‍යාෂ්ටික අවිය පුපුරා යාමෙන් පසුව බවයි. නමුත් ග්‍රීක දාර්ශනිකයෙකු වන ඩිමොක්‍රිටස් (ක්‍රි.පූ. 460-370) විසින් විශ්වයෙන් මෙම කුඩා ගොඩනැගිලි කොටස් පවා දැකිය හැකි කිසිවක් සොයා ගැනීමට බොහෝ කලකට පෙර පරමාණුවේ පැවැත්ම හා බලය ගවේෂණය කරමින් සිටියේය. ඩිමොක්‍රිටස් තමන් දුටු දේවල්වලට වඩා බොහෝ දේ වටහා…