අපේ බස් රථය අපේ අපේක්‍ෂිත ගමනාන්තය වන ඊශ්‍රායලයේ කැණීමක් සිදු කළ ස්ථානයට ළඟා වුනි. එහිදී අපට අපේම කැණීම් කටයුතු සිදු කළ හැකි වන්නේය. මෙම ස්ථානයේ අධ්‍යක්‍ෂක වරයා පැහැදිළි කළේ අප යමක් සොයා ගත්තද ඒවා වසර දහස් ගණනක් තිස්සේ සොයා ගෙන නොතිබූ බවයි. කැඩුණු පිඟන් මැටි කැබිලි හාරද්දී අපට දැණුනේ අපි ඉතිහාසය ස්පර්ශ කරන බවයි++. දීර්ඝ කාලයකට පසුව වැඩපළ භූමිය වෙත අපව ගෙන යන ලදී. බොහෝ කාලයකට පෙර විශාල භාජන වලින් කැඩී ගොස් තිබුණු කැබලි එහිදී එකට එකතු කරනු ලැබූහ.

පින්තූරය ඉතා පැහැදිළි විය. සියවස් ගණනාවක් පැරණි භාණ්ඩ ප්‍රතිනිර්මාණය කරන එම ශිල්පීන් කැඩුණු දේ නිවැරදි කිරීමට කැමති දෙවියන්වහන්සේගේ අලංකාර නිරූපණයකි. ගීතාවලිය 31:12 හි දාවිත් මෙසේ ලිවීය.
“සිතින් තොරවූ මළ තැනැත්තෙකු මෙන් මතක් නොවී සිටිමි. බිඳුණු භාජනයක් මෙන් වෙමි”. මෙම ගීතිකාව ලිවීමට අවස්ථාවක් දී නොතිබුණද මෙම ගීතිකාවෙන් දාවිත්ගේ ජීවිතයේ දුෂ්කරතාවයන් ගැන විලාපයන් ඔහු දක්වා සිටින්නේය. අනතුරෙන්, සතුරන්ගෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් ඔහු බිඳ වැටී ඇති බව ගීතාවලියෙන් විස්තර කෙරේ.

ඉතින් උපකාරය සඳහා හැරුණේ කොහාටද? 16 වන පදයෙහි දාවිත් දෙවියන්වහන්සේට මොර ගසමින්
“ඔබගේ මෙහෙකරුවා කෙරෙහි ඔබගේ මුහුණ බැබළෙවුව මැනව. ඔබගේ කරුණාවෙන් මා ගැළෙව්ව මැනව” කියාය.

දාවිත්ගේ විශ්වාසයට හේතුවූ දෙවියන්වහන්සේ අදටත් කැඩුණු දේ නිවැරදි කරන දෙවියන්වහන්සේම වන සේක. උන්වහන්සේ ඉල්ලන එකම දේ නම් අපි උන්වහන්සේට මොර ගසා උන්වහන්සේගේ නොවෙනස් වන ප්‍රේමය කෙරෙහි විශ්වාසය තැබීමය.