Archives: ජනවාරි 2022

සමාව නොඉල්ලන කඳුළු

“මට සමාවෙන්න” කැරන් පැවසුවේ ඇගේ කඳුළු ගලා ඒම ගැන සමාව අයදිමිනි. ඇගේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඇය තම නව යොවුන් දරුවන් රැක බලා ගැනීමට අතීශයින් වෙහෙසුණාය. ඇයට විවේකයක් ලබා දීමට දේවස්ථානයේ පිරිමින් ඇයට සති අන්ත කඳවුරක් ගත කිරීමේ විනෝද චාරිකාවක් ලබා දුන් විට කැරන් කෘතවේදීව කඳුළු සළමින් ඇගේ කඳුළු ගැන නැවත නැවතත් සමාව ඇයැද සිටියාය.

අපෙන් බොහෝ දෙනෙක් අපගේ කඳුළු…

පිළිතුරු නොලද යාච්ඤා

අපි එතැනට ගිහින්ද? තවමත් නැහැ. අපි එතැනට ගිහින්ද? තවමත් නෑ. අපේ දරුවන් කුඩා කාලයේදී කොලරාඩෝවේ සිට ආකාන්සාස් වෙත ආපසු නිවසට යැමට පැය 16 ක ගමනක් තිබුණු අතර මෙයට අපගේ පළමු (සහ අනිවාර්යයෙන්ම අවසාන එකද නොවන) ගමනේදී කළ ක්‍රීඩාවයි. අපේ වැඩිමහල් දරුවන් දෙදෙනා ක්‍රීඩාව හොඳින් කර ගෙන ගිය අතර ඔවුන් අසන සෑම අවස්ථාවකම මම ඩොලරයක් දින්නේ නම් මට ඩොලර් තොගයක් තිබෙන්න ඇති.…

ක්‍රිස්තුස්වහන්සේ මෙන් පරිපූර්ණයි

“පරිපූර්ණවාදය යනු මම දන්නා ඉතාම භයානක වචනයකි” යනුවෙන් කැත්ලින් නොරිස් ලියයි. මතෙව් ශුභාරංචියේ විස්තර කර ඇති “පරිපූර්ණත්වය” සහ නූතන යුගයේ පරිපූර්ණභාවය අතර ඇති වෙනස කල්පනාකාරීව ඇය විස්තර කරයි. වර්තමානයේ පරිපූර්ණවාදය ඇය විස්තර කරන්නේ “අවශ්‍ය අවදානම් දැරීමට මිනිසුන්ව පසුබට කරන බරපතල මානසික පීඩාවක්” ලෙසය. මතෙව් භාවිතා කරන “පරිපූර්ණ” යන වචනයේ පරිවර්තනයේ ඇත්තම තේරුම වන්නේ පරිණත හෝ සම්පූර්ණ හෝ යන්නයි. නොරිස් අවසාන…

දෙවියන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමු

දරුවා ලැබීමට තවත් සති හයක් තිබුණත් විට්නිට ගර්භණී සමයේදී සාමාන්‍යයෙන් අක්මාවේ සෑදෙන කොලෙස්ටැසිස් ඇති බව වෛද්‍යවරයා හඳුනා ගත්තේය. හැඟීම්වලට බරවී විට්නිව රෝහල් ගත කෙරුණි. එහිදී ඇයට ප්‍රතිකාර කරන ලද අතර පැය විසි හතරක් ඇතුළතදී ඇය දරුවා ප්‍රසූත කරන බව පවසන ලදී. රෝහලේ තවත් කොටසක කොවිඞ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වාතාශ්‍ර උපකරණයන් සහ අනෙකුත් උපකරණ ස්ථානගත කරමින් තිබුණී. එහි ප්‍රතිඵලයක්…

අමනාපය රඳවා නොගැනීම

2011 දී ප්‍රවර්ධන උත්සවයකදී හැත්තෑ තුන් හැවිරිදි පාපන්දු ලීග් ක්‍රීඩකයින් දෙදෙනෙකු වේදිකාවේදීම එකිනෙකාට අතින් පහර දෙන්ට වුනි. ඔවුන්ගේ අමනාපය 1963 පාපන්දු ශූරතාවලියේ මතභේදයකට තුඩු දුන් කරුණක් දක්වා ඈතට දිව යයි. ඔවුන්ගෙන් එක් අයෙකු විසින් අනෙකාට වේදිකාවෙන් පිටතට වැටෙන්න තරම් පහරක් දුන් පසු සමූහයා ඔහුට “නතර කරන්න” කියා කෑගැසූහ. ඔවුහු ඔහුට කීවේ “අමනාපය ඉවත දමන්න” කියාය.

මිනිසුන් අතර ඇතිවුූ දබර ගැන…