අපි එතැනට ගිහින්ද? තවමත් නැහැ. අපි එතැනට ගිහින්ද? තවමත් නෑ. අපේ දරුවන් කුඩා කාලයේදී කොලරාඩෝවේ සිට ආකාන්සාස් වෙත ආපසු නිවසට යැමට පැය 16 ක ගමනක් තිබුණු අතර මෙයට අපගේ පළමු (සහ අනිවාර්යයෙන්ම අවසාන එකද නොවන) ගමනේදී කළ ක්‍රීඩාවයි. අපේ වැඩිමහල් දරුවන් දෙදෙනා ක්‍රීඩාව හොඳින් කර ගෙන ගිය අතර ඔවුන් අසන සෑම අවස්ථාවකම මම ඩොලරයක් දින්නේ නම් මට ඩොලර් තොගයක් තිබෙන්න ඇති. එය මගේ දරුවන්ගේ සිත් ඇදගත් ප්‍රශ්නයකි. එසේම රියැදුරු වූ මටත් ඒ හා සමානම ආශාවක් තිබුණි. එනම් අපි එතැනට ගිහින්ද? පිළිතුර වූයේ තවමත් නෑ. නමුත් ඉක්මණින්ම.

අපි එය ශබ්ද නගා නොඇසුවද ඇත්තම කීවොත් බොහෝ වැඩිහිටියන් එම ප්‍රශ්නයම විවිධාකාරයෙන් අසයි. අපි එය අසන්නේ එකම එක හේතුවක් නිසාවෙනි. එනම් අපි වෙහෙසව අපගේ “ඇස ශෝකයෙන් ක්‍ෂය වී” ඇති හෙයිනි (ගීතාවලිය 6:7). රාත්‍රී ප්‍රවෘත්ති වල සිට දෛනික වැඩ කටයුතු වල සුන්වූ බලාපොරොත්තු දක්වාද නිමක් නැකි සෞඛ්‍ය ගැටලු සහ සාපේක්‍ෂ ආතතීන් දක්වාද සෑම දෙයක් ගැනම අපි “සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමු” (6 පදය). මෙම ලැයිස්තුව දිගින් දිගට යන්නේය. “අපි එතැනට ගිහින්ද? ස්වාමිනී ඔබ ප්‍රමාද වන්නේ කොපමණ කල්ද” කියා අපි මොර ගසන්නෙමු.

ගීතිකාකරු ඒ ආකාරයේ වෙහෙස ගැන හොඳින් දැන සිටි අතර ඔහු ප්‍රධාන ප්‍රශ්නය අවංකව දෙවියන් වහන්සේ වෙත ගෙන ආවේය. සැළකිලිමත් දෙමාපියෙක් මෙන් දාවිත්ගේ මොර ගැසීම උන්වහන්සේට ඇසුණු අතර උන්වහන්සේ මහත් දයාවෙන් ඒවා පිළිගත් සේක (9 පදය). අසන්නට ලැජ්ජාවක් නොතිබුණි. ඒ ආකාරයෙන්ම ඔබටත් මටත් ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ වෙතට එඩිතරව ළඟාවී “කොපමණ කල්ද?” යන අපගේ අවංක මොර ගැසීම කළ හැකිය. උන්වහන්සේගේ පිළිතුර “තවමත් නැහැ. නමුත් ඉක්මණින්ම. මම යහපත් වෙමි. මාව විශ්වාස කරන්න” යන්නයි.