එබ්‍රහැම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වූ විට ඔහුට පැවරුනේ කැඩි බිඳී ගිය ජාතියකට නායක්තවය දීමටය. ලින්කන් බුද්ධිමත් නායකයෙකු සහ උසස් සදාචාරාත්මක චරිතයක් ලෙස සළකනු ලැබේ. නමුත් ඔහුගේ වේෂ නිරූපණයේ තවත් අංගයක් සමහර විට අනෙක් සියල්ල සඳහා පදනම විය. පැවරී ඇති කාර්යයන් සඳහා ඔහු ප්‍රමාණවත් නොවන බව ඔහු තේරුම් ගත්තේය. එම ප්‍රමාණවත් නොවීමට ඔහුගේ ප්‍රතිචාරය? ලින්කන් පැවසුවේ “මට යන්නට වෙනත් තැනක් නැත යන අතිමහත් විශ්වාසය නිසා මා බොහෝ වාරයක් දණින් වැටී ඇත. මගේම ප්‍රඥාව සහ මා ගැන ඇති සියල්ල ඒ දිනයට ප්‍රමාණවත් නොවන බව පෙනේ” යනුවෙනි.

ජීවිතයේ අභියෝගවල දැවැන්ත ස්වභාවය සහ අපගේම ප්‍රඥාවේ දැනුමේ හෝ ශක්තියේ දැඩි සීමාවන් අපව ග්‍රහණය කර ගන්නා විට ලින්කන් මෙන් අප සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ යේසුස්වහන්සේ මත බව අපට පෙනී යන්නේය. ඊට හේතුව අසීමිත වන්නේ උන්වහන්සේ පමණක් වන හෙයිනි. “උන්වහන්සේ නුඹලා ගැන සළකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න” (1 පේත්‍රැස් 5:7) කියා ලියන විට පේත්‍රැස් මෙම යැපීම ගැන අපට මතක් කර දෙන්නේය.

දෙවියන්වහන්සේගේ දරුවන් කෙරෙහි උන්වහන්සේ ප්‍රේමය උන්වහන්සේගේ සර්ව බලය සමග එකතු කර අපගේ දුර්වලතා සමග ළංවිය හැකි නියම පුද්ගලයා වන්නේ උන්වහන්සේමය. යාච්ඤාවේ හරය වන්නේ මෙයයි. අපි ප්‍රමාණවත් නොවන බවත් උන්වහන්සේ සදාකාලිකවම ප්‍රමාණවත් බවත් උන්වහන්සේට (සහ අපටම) පිළිගන්වමින් අපි යේසුස්වහන්සේ වෙතට යන්නෙමු. ලින්කන් පැවසුවේ “තමාට යන්නට වෙනත් තැනක් නොමැති බව” තමාට හැඟුණු බවයි. නමුත් අපි දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ඉමහත් සැළකිල්ල තේරුම් ගැනීමට පටන් ගන්නා විට එය පුදුමාකාර සුබ ආරංචියකි. අපට උන්වහන්සේ වෙතට යා හැකිය.