විශිෂ්ඨ විසඳුමකට එහා
මෑතකදී මම අසීරු ගැටළුවකට විසඳුමක් සොයා ගත්තෙමි. එක් මුණුපුරෙකු ගැස් ලිපෙහි වීඳුරුව මත තබා තම සෙල්ලම් හාවා රත් කළේය. එහි ප්‍රතිඵලය වූයේ පිච්චුන කැත බූල් ගුලි වීදුරුව මත ඇලීමය. විශේෂඥයෙකු විශිෂ්ඨ විසඳුමක් මට දුන්නේය. වීදුරුව නැවත අළුත් එකක් මෙන් කිරීමට ඔහු උපදෙසක් දුන්නේය. එය වැඩ කළේය. දැන් අපි සෙල්ලම් බඩු ලිප ළඟට ගෙන යාම වළක්වන්නෙමු.
මා විශිෂ්ඨ විසඳුම් ගැන කථා…
ඔබට දැන් බඩගිනිද?
තමා කළ යුතු දෙය තෝමස් දැන සිටියේය. ඉන්දියාවේ දුගී පවුලකට ඉපිද ඇමෙරිකානුවන් විසින් හදා වඩා ගන්න ලද ඔහු නැවත ගමට පැමිණි විට එහි දරුවන්ගේ දැඩි අවශ්‍යතාවයන් ඔහු දිටීය. ඔවුන්ට උපකාර කළ යුතු බව ඔහු දැන ගත්තේය. නැවත ඇමෙරිකාවට ගොස් තම අධ්‍යාපනය අවසන් කර මුදල් හම්බකර ගෙන අනාගතයේදී නැවත ඉන්දියාවට ඒමට ඔහු සැළසුම් කළේය.
ඔහු යාකොබ් 2:14-18 “තමාට ඇදහිල්ල ඇතැයි යමෙක්…
ඇබීගේ යාච්ඤාව
ඇබී උසස් විදුහලේ සිටින කාලයේ ඇයටත් ඇයගේ මවටත් ගුවන් අනතුරකින් දැඩි ලෙස තුවාල වූ තරුණයෙකු ගැන ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. ඔහුගේ පියාද කුඩම්මාද ඉන් මිය ගොස් තිබුණි. ඔව්හු එම පුද්ගලයා දැන නොසිටියද “අපි ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් යාච්ඤා කළ යුතු වෙමු” යයි ඇබීගේ මව කීවාය. ඔව්හු එසේ කළහ.
වසර කිහිපයකට පසු ඇබී විශ්ව විද්‍යාලයේ එක් පංතියකට ඇතුල් වුනි. එක් සිසුවෙක් ඔහු…
හිස්වූ සයනය
ජැමෙයිකාවේ මොන්ටේගෝ වරායෙහි ශාන්ත ජේම්ස් ගිලන් ගෙය වෙත යාමට මම උත්සුක වූයෙමි. ඒ රෙන්ඩල්ව බැලීමටය. ඔහු තමාට යේසුස්වහන්සේ ප්‍රේම කරන බව දැන ගත්තේ වසර දෙකකට පෙරය. සෑම වසන්ත කාලයකම මා සමග සංචාරය කරන යෞවනියක් වන ඊවී ඔහු සමග බයිබලය කියවා ඔහුට ශුභාරංචිය ප්‍රකාශ කර තිබුණි. ඔහු පුද්ගලිකව යේසුස්වහන්සේ තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තේය.
මා පුරුෂ අංශයට ඇතුල් වී රෙන්ඩල් සිටි ඇඳ…
ඉරුණු තිරය
යෙරුසලමට ආසන්න පළාත්වල එදින අඳුරු පාළු ස්වභාවයක් පිරී තිබුණි. යෙරුසලමේ පවුරු අසළ කන්දක පසුගිය වසර තුනෙහි සෙනග ආකර්ශණය කළ මිනිසෙකු රළු කුරුසියක වේදනාවෙන් සහ අවමානයෙන් එල්ලී සිටියේය. දුක්වන්නෝ දුකින් වැළපුණෝය. දිවා අහස් තලය තවදුරටත් හිරු එළියෙන් බැබළුනේ නැත. කුරුසියක දැඩිව දුක් විඳි මනුෂ්‍යයාගේ වේදනාව නිම විය. "තීන්දුවුණේය" කියා උන්වහන්සේ මොර ගැසූ සේක (යොහන් 19:30).
ඒ මොහොතෙහිම යෙරුසලමේ මාළිගාවෙන් තවත් හඬක්…
දිරිදීමේ වටා පිටාව
අපගේ නිවස අසළ ඇති ව්‍යායාම් මධ්‍යස්ථානයට මා යන සෑම විටම මම ධෛර්යමත් වෙමි. කාර්ය බහුල එම ස්ථානයේදී තම භෞතික සුවය සහ ශක්තිය වැඩිකර ගැනීමට වෙර දරණ අයගෙන් මම වට වෙමි. එහි ඇති විශාල දැන්වීම් අපට මතක් කරන්නේ එකිනෙකා විනිශ්චය නොකරන ලෙසය. නමුත් අන් අයගේ උත්සාහයන් දිරිමත් කරන වචන සහ ක්‍රියාවලට සැම විටම එහි ඉඩ ඇති බවය.
ආත්මික ජීවිතයේ කාරණා තිබිය…
කණස්සල්ලට විකල්පයක්
නීතිය රකින අවංක මනුෂ්‍යයෙකුට දුරකථන පණිවුඩයක් ලැබුණි. "මේ පොලිස් දෙපාර්තමේන්තුවේ .... නිලධාරියායි. කරුණාකර මෙම අංකයට ඇමතුමක් දෙන්න". එකෙණෙහිම මිනිසා කනස්සලු වීමට ආරම්භ කළේය. කෙසේ හෝ තමා වරදක් කර ඇතැයි ඔහු කණස්සලු විය. දුරකථනයෙන් නැවත කථා කිරීමට ඔහු බිය විය. එසේම දින කිහිපයක් ඔහු නොනිදා කල්පනා කළේය. විය හැකි දේවල් ඔහුගේ සිතෙහි හොල්මන් කළේය. තමාට යම් කරදරයක් වේ යයි ඔහු ඔහු…
ගෘහය
අපගේ මිතුරියක් මැතකදී මිය ගියාය. ඇය ජීවිකාව සඳහා ගෙවල් විකිණුවාය. මාත් මාගේ භාර්යයාවත් පැට්සි ගැන කථා කරමින් සිටියෙමු. පැට්සි වසර ගණනාවකට පෙර යේසුස්වහන්සේ වෙත ගෙන ආ කෙනෙකු පසුව අපගේ හොඳ මිතුරෙකු වූ බව සූට මතක් විය.
කෙතරම් ධෛර්යයක්ද? පැට්සි අපගේ නගරයේ අයට නිවාස සොයා දුන්නා පමණක් නොව සදාකාලික ගෘහය සොයා ගැනීමටද ඒ අයට උපකාර කළාය.
යේසුස්වහන්සේ අප වෙනුවෙන් කුරුසියට යාමට…
දෙවියන්වහන්සේ කවුරුන්ද යන කරුණට ස්තුති කරමු
සුභ පැතුම්පත්වල මුද්‍රණය කර ඇති දහස් ගණන් පැතුම් තුළ සිත් කාවදිනම ප්‍රකාශයක් නම් "ඔබ ඔබම නිසා ඔබට ස්තුතියි" යන්නය. ඔබට එවැනි කාඩ්පතක් ලැබුණොත් එම තැනැත්තා ඔබට සළකන්නේ ඔබ යම්කිසි විශේෂ දෙයක් කළ නිසා නොව ඔබගේ නියම තත්ත්වය නිසාවෙන් බව ඔබ දැනගන්නෙහිය.
මෙවැනි හැඟීම්බර ප්‍රකාශයක් දෙවියන්වහන්සේට ස්තුති කිරීමට ඇති හොඳම ක්‍රමයක් යයි මම සිතන්නෙමි. ස්පර්ශ කිරීම් තුළින් අප තුළ දෙවියන්වහන්සේ සමහර…
සියල්ලන්ට උණුසුම් පිළිගැනීමක්
මෑතක නිවාඩු කාලයකදී අපි ගිය සංචාරයක් තුළ මාත් මාගේ භාර්යාවත් සුප්‍රසිද්ධ මලල ක්‍රීඩා සංකීර්ණයක් නැරඹීමට ගියෙමු. ගේට්ටු සම්පූර්ණයෙන් විවර වී තිබුණි. ඉන් පෙන්නුම් වූයේ එය නැරඹීමට අපව පිළිගන්නා බවයි. අප පිට්ටනිය පුරා ඇවිද තණකොළ පිළිවෙලට කපා තිබූ දර්ශන භුක්ති වින්දෙමු. අප පිටවීමට යන විට කෙනෙකු අප නවතා අප එතැනට ඇතුල් විය නොයුතුව තිබුණේ යයි කේන්තියෙන් පැවසුවේය. හදිසියේම අපට අප පිටස්තරයන්…