අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩේවිඩ් එච්. රෝපර් විසින් රචිත ලිපි

නොනවතින ප්‍රීතිය

අපට අවශ්‍ය ලෙස කාරණ සිදුවීමෙන් අපට ප්‍රීතිය ලැබේ යයි බොහෝ විට අපි අසා ඇත්තෙමු. එය සත්‍යයක් නොවේ. එම මතය දිව යන්නේ හිස්කම කණස්සල්ල සහ සිත් තැවුලටය.

විනෝදය සොයා ගොස් යථාර්ථයෙන් මිදීමට උත්සාහ දරණ සෙනග ගැන මහා කවි ඩබ්. ඩබ්. ඕඩන් ලීවේය. ඔහු ඔවුන් ගැන ලීවේ "අවතාරවලින් ගහණ වනාන්තරයක තනිවූ/ රාත්‍රියට භියවූ දරුවන්/ කවදාවත් ප්‍රීතියෙන් නොසිටි සහ යහපතක් නොකළ අය ලෙසය.…

අප වැනි පව්කරුවන්

මට මිතුරියක් සිටියි. ඇයගේ නම ඉඩිත්ය. ඇය යේසුස්වහන්සේ අනුගමනය කිරීමට ආරම්භ කළ දිනය ඇය දිනක් මට විස්තර කළාය.

ඉඩිත් ආගම ගැන වැඩිය සැලකූ අයෙකු නොවේ. නමුත් වියවුල්ව තිබූ ඇයගේ ආත්මය සනසා ගැනීමට ඇය එක් ඉරිදා උදෑසනක අසළ තිබු සභාවකට ගියාය. එදින දේශනා පාඨය වුයේ ලූක් 15:1-2 දක්වාය. එනම් "තවද සියලු සුංගම් අයකරන්නෝද පව්කාරයෝද උන්වහන්සේගේ වචන අසන පිණිස උන්වහන්සේට ළංවෙවී ආවෝය. ඵරිසිවරුද…

ඔබගේ දැඩි ආශාව කුමක්ද?

මාගේ බැංකුවේ එක් නිලධාරියෙකුගේ ජනේලය අසළ ෂෙල්බ් කෝබ්රා නමැති වාහනයේ ඡායාරූපයක් ඇත. එය ෆෝඩ් සමාගම විසින් සාදා ඇති අධිවේගී රථයකි.

එක් දිනක් බැංකුවට ගිය විට "ඒ ඔබගේ කාරයද" කියා මම ඔහුගෙන් ඇසීමි. "නැහැ" ඔහු කීවේය. "ඒ මගේ ආශාවයි. සෑමදින උදේ වැඩට ගොස් වැඩ කිරීමට හැකිවන හේතුව එයයි. මම කවදා හරි එකක් ගන්නවා".

මම එම තරුණයාගේ ආශාව තේරුම් ගතිමි. මාගේ මිතුරෙක්ට කෝබ්රා…

මුහුණු

අපගේ මිණිපිරිය වන සාරා අප මිය ගිය විට සිදුවන දෙය ඉතා කුඩා කාලයෙහි විස්තර කළාය. "ඔබගේ මුහුණු පමණක් ස්වර්ගයට යනවා. ඔබගේ ශරීරය යන්නේ නැහැ. ඔබට අලුත් ශරීරයක් ලැබෙනවා. නමුත් ඔබගේම මුහුණ තිබෙනවා".

සාරා සදාකාලික ජීවනය ගැන තේරුම් ගත් විදිහ කුඩා දරුවෙක්ගේ අදහසකි. නමුත් ඇය සදාකාලික සත්‍යය තේරුම් ගත්තාය. එක් අතකින් අපගේ මුහුණු නොපෙනෙන ආත්මයේ දෘශ්‍යමාන පැත්තයි.

කෝපයේ බැල්මක් මගේ මුහුණේ…

පොරොන්දු මත සිටීම

මාගේ මිත‍්‍රයාගේ සහෝදරයා (ඔවුන් කුඩා කාලයෙහි) ඔහුගේ සහෝදරියට කියා සිටියේ ඇයට "විශ්වාසය" ඇත්නම් කුඩයට ඇයව ඔසවා ගැනීමට ශක්තියක් ඇති බවය. ඒහෙයින් "ඇදහිල්ලෙන්" ඇය මඩුවක වහළයේ සිට කුඩය දිග හැරගෙන බිමට පැන්නාය. ටික වේලාවකට ඇයට සිහියද නැති විය.

දෙවියන්වහන්සේ පොරොන්දුවී ඇති දෙය කරන සේක. නමුත් අපි පොරොන්දුවක් ඉල්ලා සිටින විට අප සිට ගෙන සිටින්නේ දෙවියන්වහන්සේගේ සත්‍ය වචනය මතදැයි අප දැන ගත…

කුණාටු පෙනිපෙනී

අපගේ පුත් ජොෂ් ඇලස්කාවේ කෝඩියැක් ප‍්‍රදේශයේ සැමන් මසුන් අල්ලන්නෙකි. ටික කලකට පෙර ඔහුගේ බෝට්ටුවට යාර සිය ගණනක් ඉදිරියෙන් පටු පිවිසුමක් තුළින් ගිය කුඩා නැවක ඡායා රූපයක් ඔහු මට එවීය. නැවට ඉහළින් කුණාටු සහිත වලාකුල් ක්ෂිතිජයෙහි එහා මෙහා යයි. එහෙත් දෙවියන්වහන්සේගේ සැපයීමේ සහ පේ‍්‍රමවන්ත සැලකිල්ලේ සංකේතයක් වන දේදුන්නක් පිවිසුමේ එක් කොනක සිට අනිත් කොනට බෝට්ටුව වටකරගෙන ඇත.

එම ඡායාරූපය අපගේ ජීවිත…

ධෛර්යවත් වෙන්න!

කුරුල්ලන් සෙල්ලම් කරනවා බැලීමට මම කැමැත්තෙමි. එහෙයින් අපගේ නිවස පිටුපස වත්තට උන් ගෙන්වා ගැනීමට ස්ථානයක් පිළියෙළ කළෙමි. මාස කිහිපයක් මාගේ කුරුළු මිතුරන් එහා මෙහා යනවාත් කෑම කනවාත් බලා සතුටු වීමි. එහෙත් ඉන්පසු උකුස්සෙක් එ් රක්ෂිත ස්ථානය පුද්ගලික දඩයම් ස්ථානයක් කර ගත්තේය. ජීවිතය එවැනිය. අප පහසු ගන්නට සැරසෙන විට අපගේ කූඩු ඇවිස්සීමට කවුරුන් හෝ නැතිනම් කුමක් හෝ පැමිණේ. ජීවිතය කඳු ජලාශයක් වන්නේ ඇයි දැයි…

උන්වහන්සේගේ කාලය වෙනුවෙන්

දකුණු අප‍්‍රිකානු සභාපාලක ඇන්ඩෲ මරේ 1895දී එංගලන්තයට එන අතරතුර ඔහුට තද පිටේ කැක්කුමක් ඇති විය. ඔහු සුව වෙමින් සිටින අතර ඉතා වේදනාවෙන් සිටින කාන්තාවකට යම් අනුශාසනයක් දිය හැකිදැයි ගුවන් සේවිකාවක් පැමිණ විමසුවාය." මේ පත‍්‍රිකාව ඇයට දෙන්න මේක මම ලියමින් සිටියේ මගේ ධෛර්යයට. එය ඇයට උපකාරයක් වේවි"  මරේ පිළිතුරු දුන්නේය.  ලියා තිබුණේ මෙසේය.

පළමුව - දෙවියන්වහන්සේ මා මෙතැනට ගෙනා සේක. මේ…

කඳු මුදුුනේ සිට පෙණෙන ආකාරය

ශීත සෘතුවේදී ඉඩාහෝහි ඇති අපගේ මිටියාවත දැඩි ශීතලක් ගනී. ඉහළ ඇති උණුසුම් වායුවෙන් පහත ඇති ශීතල වාතය සිරකරමින් වළාකුල් සහ මීදුම අධිකව ගලා ඇවිත් පොළොව වසාගනී. එහෙත් ඔබට මිටියාවතෙන් ඉහළට යාමට හැකිය.

අඩි 7,500ක් උස ශාෆර් බට් නම් කන්ද වටා යන පාරක් ඇත. විනාඩි කිහිපයක් වාහනයෙන් ගමන් කරන විට ඔබට මීදුම පසුකර උණුසුම් දහවල් ආලෝකයට පැමිණිය හැක. ඔබට පහත මිටියාවත වසා ඇති…

ඔබට වටිනාකමක් ඇත

මාගේ නැන්දම්මා මිය ගිය පසු මමත් මගේ භාර්යාවත් ඇයගේ අල්මාරියක තිබී ඇමරිකානු සතයේ කාසි පෙට්ටියක් සොයාගතිමු. එ්වායෙහි රතු ඉන්දියානු හිසක් මුද්‍රණය කර තිබේ. ඇය විනෝදයට කාසි එකතුකරන්නියක් නොවීය. එහෙත් ඇයගේ කාලයේ මෙම කාසි භාවිතයේ තිබිණ. ඇයගේ කාමරයේ එ්වා සෑහෙන ප‍්‍රමාණයක් එකතුවී තිබිණ. සමහරක් හොඳ තත්ත්වයේ තිබිණ. සමහරක් හොඳටම ගෙවී තිබිණ. එ්වායේ ලාංඡන මැකී තිබිණි. එහෙත් සියලු කාසි වල "සතය" යන…