මාගේ මිත‍්‍රයාගේ සහෝදරයා (ඔවුන් කුඩා කාලයෙහි) ඔහුගේ සහෝදරියට කියා සිටියේ ඇයට “විශ්වාසය” ඇත්නම් කුඩයට ඇයව ඔසවා ගැනීමට ශක්තියක් ඇති බවය. ඒහෙයින් “ඇදහිල්ලෙන්” ඇය මඩුවක වහළයේ සිට කුඩය දිග හැරගෙන බිමට පැන්නාය. ටික වේලාවකට ඇයට සිහියද නැති විය.

දෙවියන්වහන්සේ පොරොන්දුවී ඇති දෙය කරන සේක. නමුත් අපි පොරොන්දුවක් ඉල්ලා සිටින විට අප සිට ගෙන සිටින්නේ දෙවියන්වහන්සේගේ සත්‍ය වචනය මතදැයි අප දැන ගත යුතුවේ. දෙවියන්වහන්සේ පොරොන්දු වී ඇති දෙය දෙන බවටත් කරන බවටත් ස්ථිරතාවයක් අපට ඇති කර ගත හැක්කේ එවිටය. ඇදහිල්ලට ආවේනිකවූ බලයක් නැත. එය ක‍්‍රියාත්මක වන්නේ දෙවියන්වහන්සේගේ පැහැදිළි පොරොන්දුවක් මත එය පදනම්ව ඇති විටය. ඊට වෙනස් දෙයක් නම් එය සාමාන්‍ය කැමැත්තක් පමණී.

එයට උදාහරණයක් මෙන්න: “නුඹලා කැමති දෙයක් ඉල්ලන්න. එවිට නුඹලාට ලැබේ. මාගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය” (යොහන් 15:7-8). අප කියන සෑම යාච්ඤාවකටම උත්තර ලැබෙන බවට පොරොන්දුවක් එම පදවල නැත. ඉන් කියැවෙන්නේ පුද්ගලික ධර්මිෂ්ඨකම ගැන අපට ඇති සෑම ආශාවකටම උන්වහන්සේ උත්තර දෙන බවය. පාවුල් එයට “ආත්මික ඵලය” (ගලාති 5:22-23) යයි කියයි. අප තුළ ශුද්ධත්වයට පිපාසාවක් ඇත්නම් එය ඉල්ලන්නේ නම් උන්වහන්සේ අප තෘප්තියට පත් කිරීම ආරම්භ කරන සේක. ඊට කාලය ගතවේ. ආත්මික ජීවිතයද භෞතික ජීවිතය මෙන්ම ටිකෙන් ටික වැඩෙන්නේය. ඔබව ශුද්ධ බවට පත්කරන්න යයි දෙවියන්වහන්සේට කියන්න. උන්වහන්සේගේ කාලයට උන්වහන්සේගේ අවකාශයට එය සිදුවේ. උන්වහන්සේ ඉටු නොකරන පොරොන්දු කිසිවක් අපට දෙන්නේ නැත.