අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

එලීසා මෝර්ගන් විසින් රචිත ලිපි

ප්‍රීතිමත් ස්තුති දීමක්

මනෝවිද්‍යාඥ රොබට් එමොන්ස් විසින් කරන ලද අධ්‍යයනයකදී ස්වේච්ඡා සේවකයන් කණ්ඩායම් තුනකට බෙදා ඇති අතර ඒ සෑම කණ්ඩායමක් සතිපතා සටහන් පොතක තමන්ගේ සටහන් ලිවීය යුතු විය. එක් කණ්ඩායමක් ඔවුන් කෘතඥතාවය දක්වන කරුණු පහක් ලිවීය. තවත් කණ්ඩායමක් දිනපතා සිදුවන කරදර පහක් විස්තර කළෝය. පාලක කණ්ඩායමක් ඔවුන්ට කුඩා ආකාරයකින් බලපෑ යහපත් සිදුවීම් පහක් ලැයිස්තු ගත කළේය. අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් හෙළි වූයේ කෘතඥතාවය සඳහන් කළ…

බිත්තියේ සිදුරක්

යම් දෙයක් මගේ මල් ආහාරයට ගන්නා බව මට තේරුණි. පෙර දිනදී මල් පිපී හිස ඔසවා ගෙන තිබුණි. දැන් ඒවා හිස් කඳන් විය. මම මගේ මිදුලේ සැරිසැරූ අතර හාවෙකුගේ ප්‍රමාණයේ සිදුරක් මගේ ලී වැටේ සොයා ගතිමි. හාවෝ හුරුබුහුටියි, නමුත් මෙම කරදරකාරී සතුන්ට විනාඩි කිහිපයකින් මල් වත්තක් විනාශ කළ හැකිය. මගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ චරිතය විනාශ කරන “බලෙන් ඇතුල් වෙන්නන්” සිටීමට පුළුවන්දැයි මම…

මොන්ස්ට්‍රෝ නම්වූ ගෝල්ඞ්ෆිෂ් මත්ස්‍යයා

ලේසි ස්කොට් ඇගේ ප්‍රාදේශීය සුරතල් සතුන් අලෙවිකරණ ගබඩාවේ සිටියදී මාළු ටැංකියක පතුලේ සිටි දුක්ඛිත මාළුවෙකු ඇගේ ඇසට හසු විය. උගේ කොරපොතු කළු වී උගේ සිරුරේ තුවාල ඇති වී තිබුණි. දස හැවිරිදි මත්ස්‍යයා බේරාගත් ලේසි, "පිනොකියෝ" සුරංගනා කතාවේ සිටි "මොන්ස්ට්‍රෝ" ලෙස නම් කරන ලද තල්මත්ස්‍යයෙකුගේ නම මෙම ගෝල්ඞ්ෆිෂ් මත්ස්‍යයාට තබා ඌව "රෝහල්" ටැංකියක දමා, දිනපතා ටැංකිය අලුත් ජලයෙන් පිරෙව්වාය. සෙමින්, මොන්ස්ට්‍රෝ…

මම ඔබට ආදරෙයි යැයි පවසන ආහාර

මම පවුලේ උපන් දින සැමරීමකට සහභාගී වූ අතර එහිදී සංවිධායකවරිය “ප්‍රියතම දේවල්” යන තේමාව සැරසිලිවලට, තෑගි වලට සහ සියල්ලටම වඩා ආහාර වලට යොදාගත්තාය. උපන් දින යුවතිය මස්වලටත් සලාද වලටත් සුදු චොක්ලට් වලටත් රාස්බෙරි කේක් වලටත් ප්‍රිය කළ නිසා සේවිකාව මස් ග්‍රිල් කර, නිවිති අඹරා, ප්‍රියතම කේක් එක ඇණවුම් කළාය. ප්‍රියතම කෑම වලින් අඟවන්නේ “මම ඔබට ආදරෙයි” යන්නයි.

බයිබලයේ භෝජන සංග්‍රහ,…

පලතුරු, ගස විකුණයි

ගොවිපොළක හිමිකාරියක් පීච් ගස් විකිණීමට පටන් ගත්තාය. ඇය විවිධ ප්‍රවේශයන් සළකා බැලුවාය. ඇය ලස්සන සන්දර්ශනයක ගොරෝසු ගෝනි වල කොළ පැළ පෙළට තැබිය යුතුද? වර්ධනයේ විවිධ කාල වලදී පීච් ගස් නිරූපණය කරන වර්ණවත් නාමාවලියක් නිර්මාණය කළ යුතුද? අවසානයේදී ඇත්තටම පීච් ගසක් විකුණන්නේ කෙසේදැයි ඇය වටහා ගත්තාය. එනම් මිහිරි සුවඳක් ඇති, තද තැඹිලි පැහැති සහ අවුල් කෙහෙ රැළි මෙන්වූ පොත්තක් ඇති පීච්…

යාච්ඤාවේදී දිව බැඳී තිබේ

මගේ බිළිඳු සහෝදරයා ශල්‍ය කර්මයකයට මුහුණ දුන් විට මම කලබල වීමි. “දිව බැඳී තිබේ” (අන්කිලොග්ලෝසිය) ලෙස හඳුන්වනු ලබන්නේ ඔහුට උපතින්ම ඇතිවූ රෝග තත්ත්වයක් වන බවත් උපකාරයක් නොමැතිව ඔහුට ආහාර ගැනීමේ සහ අවසානයේ කථා කිරීමේ හැකියාවටද බාධා විය හැකි බවත් මගේ මව පැහැදිලි කළාය. අද අපි “දිව බැඳී තිබේ” යන වචන පාවිච්චි කරන්නේ කථා කිරීමට වචන නැති වීම සහ ලැජ්ජා වීම…

සමාව නොඉල්ලන කඳුළු

“මට සමාවෙන්න” කැරන් පැවසුවේ ඇගේ කඳුළු ගලා ඒම ගැන සමාව අයදිමිනි. ඇගේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඇය තම නව යොවුන් දරුවන් රැක බලා ගැනීමට අතීශයින් වෙහෙසුණාය. ඇයට විවේකයක් ලබා දීමට දේවස්ථානයේ පිරිමින් ඇයට සති අන්ත කඳවුරක් ගත කිරීමේ විනෝද චාරිකාවක් ලබා දුන් විට කැරන් කෘතවේදීව කඳුළු සළමින් ඇගේ කඳුළු ගැන නැවත නැවතත් සමාව ඇයැද සිටියාය.

අපෙන් බොහෝ දෙනෙක් අපගේ කඳුළු…

දෙවියන්වහන්සේගේ දකුණු අත

මම මගේ වියපත් සුනඛයා වූ විල්සන්ට තණකොළ වෙතට යාමට උපකාර කළ අතරතුර අපේ බලු පැටවා වන කෝච්ව විනාඩියකට පමණක් දම්වැලෙන් නිදහස් කළෙමි. කෝච්ගේ දම්වැල ගැනීමට මම නැමුණු විට ඔහු හාවෙකු දැක ඒ පසුපස දිව ගියේ මගේ දකුණතින් දම්වැල ඇදගෙන මගේ මුදු ඇඟිල්ලද අඹරවා දමමිනි. මම තණ බිස්ස මත වැටී වේදනාවෙන් කෑගැසුවෙමි.

හදිසි ප්‍රතිකාර වලින් ආපසු පැමිණී විට ශල්‍යකර්මයක් කළ යුතු…

ශෝකය සඳහා ශබ්ද මාලාවක්

හියු සහ ඩිඩී තම එකම දරුවා ස්වර්ගයට යන්න හරිද්දී ඉන්පසුව තමන්ට කුමක් කියා ගන්නේදැයි ගැන පොර බැදුවෝය. දරුවෙක් අහිමි වූ දෙමාපියෙක්ගේ ශෝකය ගැන විස්තර කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්චිත වචනයක් නැත්තේය. ස්වාමි පුරුෂයා නොමැති බිරිඳ වැන්දඹුවක් වන්නේය. බිරිඳක් නැති ස්වාමි පුරුෂයා කනවැන්දුම් පුරුෂයෙක් ලෙස හඳුන්වනු ලබයි. දෙමව්පියන් අහිමි වූ දරුවෙක් අනාථයෙක් ලෙස හඳුන්වනු ලබන්නේය. දරුවෙක් අහිමි වූ දෙමාපියන් නිර්වචනයක් නොමැති වේදනාවෙන්…

දෙවියන්වහන්සේ සවන් දෙන්නේද?

මම මගේ දේවස්ථානයේ සභා සත්කාරක කණ්ඩායමේ සේවය කරන විට මගේ රාජකාරියක් වූයේ සේවා කාලය තුළ බංකුවල තිබූ කාඞ්පත් වල ලියා තිබූ යාච්ඤා ඉල්ලීම් සඳහා යාච්ඤා කිරීමය. නැන්දම්මාගේ සෞඛ්‍ය සඳහා, යුවළකගේ මුදල් අවශ්‍යතාවයක් සඳහා, මුණුපුරා දෙවියන්වහන්සේව දැන ගැනීම සඳහා යන්න ඒවායින් සමහරකි. මෙම යාච්ඤාවල ප්‍රතිඵල මට අසන්න ලැබුණේ කලාතුරකිනි. බොහෝ ඒවා නිර්නාමික වූ අතර දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි දැන ගැනීමට මට…