අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කීලා ඔචෝවා විසින් රචිත ලිපි

ක්‍ෂිතිජය දෙස බලා සිටීම

බෝට්ටුව ගමන් ආරම්භ කළ විටම මාගේ කුඩා දියණිය තමාට අසනීප බව කීවාය. මුහුදු අසනීපය දැනටම ඇයට බලපාන්නට ආරම්භ වී තිබුණී. ඉක්මණින් මටත් එය බලපෑම් කළේය. "ක්‍ෂිතිජය දෙස බලන්න". මම මතක් කර ගතිමි. නැවියෝ මෙය කියන්නේ අලුත් දැක්මක් ලබා ගැනීමටය.

ක්‍ෂිතිජයේ මැවුම්කරුවාණෝ (යෝබ් 26:10) ජීවිතයේ සමහර අවස්ථාවලදී අපි බියවන බවත් අසහනයට පත්වන බවත් දන්නා සේක. දුර එනම් අපගේ ගමනාන්තය දෙස අවධානය…

චිත‍්‍ර අඳින දෙවියන්වහන්සේ

නෙසාහුඅල්කොයොට්ල්ගේ (1402-1472) නම උච්චාරණය කිරීම අපහසු විය හැක. එහෙත් ඔහුගේ නම අර්ථයක් දෙන්නේය. එහි අර්ථය "බඩගිනි හිවලාය" මේ මිනිසාගේ ලියවිලි ආත්මික පිපාසයක් පෙන්නුම්කරයි. යුරෝපීයයන් පැමිණීමට පෙර මැක්සිකෝවේ කවියෙකු සහ පාලකයෙකු ලෙස ඔහු මෙසේ ලියා තිබේ: "මා නමස්කාර කරන දෙවියන් ගස් සහ ගල්ය, ඒවා කථාකරන්නේ නැත, ඒවාට හැඟීමක් නැත. සැඟවුණ සහ නොදන්නා ඉතා බලවත් දෙවිකෙනෙකු සිටී. මුළු විශ්වයේ මැවුම්කරුවාණන් උන්වහන්සේය. මාගේ…

බහුල සැපයීම

බට්ටිච්චන්ට සහ සූටික්කන්ට අපගේ වත්තේ කෑම භාජනයක් තබා තිබේ. එහි ඇති පැණිරස ජලය බීමට කුඩා කුරුල්ලන් එන සැටි බැලීම අපට සතුට ගෙනදෙන්නේය. මෑතදී අප ගමනක් ගිය නිසා එය පුරවා යෑමට අපට නොහැකි විය. අප පැමිණෙන විට එය සම්පූර්ණයෙන් සිඳී ගොස් තිබිණි. "අසරණ කුරුල්ලෝ" මම සිතුවෙමි. "මාගේ අමතකවීම නිසා උන්ට කිසි පෝෂණයක් නොලැබිණි" එහෙත් එවිට මට මතක් වූයේ උන් පෝෂණය කරන්නේ…

දුරකථන යුගයට පෙර

කුඩා ළදරුවන්ගේ මවක ලෙස මම කලබලවීමට හසුවන්නෙමි. මගේ මුල්ම ප‍්‍රතිචාරය වන්නේ පුත‍්‍රයාගේ ආසාදනය හෝ දියණියගේ හදිසි කැස්ස ගැන කුමක් කරන්නදැයි මගේ මවට කථා කොට ඇසීමයි.

මව ශ්‍රේෂ්ඨ මූලාශ‍්‍රයකි. එහෙත් මා ගීතාවලිය කියවන විට කිසිම මිනිසෙකුට දිය නොහැකි උපකාර අපට කොපමණ වරක් අවශ්‍ය වන්නේදැයි මට මතක් වේ. ගීතාවලිය 18හි දාවිත් විශාල විපත්තියකට පත්ව සිටියේය. බියට පත්ව, මරණයට සමීපව සහ දැඩි වේදනාවෙන්…

වර්ධනය ආශා කිරීම

අක් සුහ් ලාහ් ටූල් නැමති සත්ත්වයා ජීව විද්‍යාත්මක ප‍්‍රහේලිකාවකි. ඌ වැඩිහිටි තත්ත්වයට පත් නොවී ජීවිතයේ සැම දිනම ඉස්ගෙඩියෙකුගේ තත්ත්වයේ සිටී. ලේඛකයෝ සහ දර්ශනවාදීහු එම සත්ත්වයා වර්ධනයට භය අයෙකු විස්තර කිරීමට යොදාගනිති.

නව ඇදහිලිවන්තයින්හට දිය යුතු ආත්මික "කිරි වලින්" සෑහීමට පත්වී සෞඛ්‍යමත් වර්ධනයක් මඟහැරිය කිතුනුවන් ගැන හෙබ්‍රෙව් 5හි අපි ඉගෙන ගනිමු. සමහර විට පීඩාවට ඇති බිය නිසා අන් අය වෙනුවෙන් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ…

බිඳෙන සුළු තෑග්ගක්

බිඳෙන සුළු ත්‍යාගයක් අප දෙන විට එම පෙට්ටියේ අපි එසේ ලකුණු කරමු. "බිඳෙන සුළුයි" කියා අපි ලොකු අකුරෙන් ලියමු. ඊට හේතුව එහි ඇති තෑග්ග යමෙකු විනාශ කරනවාට අප අකමැති නිසාය.

දෙවියන්වහන්සේගේ තෑග්ග අප වෙත පැමිණියේ ඉතාම බිඳෙන සුළු ඇසුරුමකය: ළදරුවෙකු ලෙසය. සමහර විට අප නත්තල ගැන සිතන්නේ තැපැල් පතක ඇති අනර්ඝ දර්ශයනයක් ලෙසය. එහෙත් එය එසේ නොවේ යැයි ඕනෑම මවක…

විශ්වාසවන්ත සේවකයා

මදලේනෝ මේසන් බාස් කෙනෙකි. සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා ඔහු බිත්ති බඳී, වහලවල් අලුත් වැඩියා කරයි. ඔහු වැඩි කථාබහක් නැති අයෙකි. ඔහු විශ්වාසවන්තය, වෙහෙසවී වැඩකරන්නේය. සිකුරාදා සිට ඉරිදා තෙක් ඔහු කඳුරටට ගොස් දේව වචනය දේශනා කරයි. මදලේනෝ "නහුආටල්" නම් මෙක්සිකානු උප භාෂාව හොඳින් දනී. එහෙයින් එම පාළාතේ ජනයාට ශුභාරංචිය කීම ඔහුට පහසුය. ඔහුගේ වයස 70කි, එහෙත් තවම ඔහු ගෙවල් සාදයි. එසේම…

අප සමඟ සහ අප තුළ

මාගේ පුත‍්‍රයා ළදරු පාසැල් ගමන ආරම්භ කළා පමණි. පළමු දවසේම ඔහු කිවේ "මම මොන්ටිසෝරියට කැමති නැහැ" කියාය. මමත්, මගේ ස්වාමිපුරුෂයාත් ඔහු සමඟ කථා කළෙමු. "අපි එතැන නැති වුනත් අපි ඔයා ගැන යාච්ඤා කරනවා, එ් වගේම යේසුස්වහන්සේ එතැන ඉන්නවා."

"එහෙත් මට උන්වහන්සේ පෙනෙන්නේ නැහැ" ඔහු හේතු දැක්වීය. මාගේ ස්වාමිපුරුෂයා ඔහු වැළඳගෙන ප‍්‍රකාශ කළේ "උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා, ඔබව අත්හරින්නේ නැහැ" යනුවෙනි.…

කාලයේ ඉතිරි කැබලි

මිතුරෙකු නගරයට එන බව අපට පැවසීය. ඔහු කාර්ය බහුල අයෙකි. ඔහුගේ කාල සටහන පිරී තිබිණි. වැදගත් රැස්වීම් වලින් දවස ගෙවුණු පසු පැය භාගයකට අප හා ප‍්‍රමාදවූ රාත‍්‍රී භෝජනයක් ගැනීම සඳහා ඔහු ආවේය. අපි ඔහුගේ පැමිණීමේ ප‍්‍රීතිය වින්දෙමු. එහෙත් මාගේ පිඟාන දෙස බලන විට හැඟුනේ "අපට ලැබුණේ ඔහුගේ කාලයේ ඉතිරි කැබලි" කියාය.

ඉන්පසු දෙවියන්වහන්සේට මාද කොපමණ වරක් මාගේ කාලයේ ඉතිරි කැබලි…

මාගේ සිතෙහි නිධාන කර ගතිමි

අන්තර්ජාලයේ ඇති සඟරා කියවීමට මම දැන් පුරුදුවී සිටිමි. ඉන් ශාක බේරාගැනීමට හැකිවීම ගැන මම සතුටුවෙමි. තැපෑලෙන් සඟරා එනතුරු බලා සිටීමටද දැන් සිදු නොවේ. එහෙත් මුද්‍රිත පිටපත නැතිකම පාඩුවකි. එම පිටුමත අඟිලි තුඩු එහා මෙහා යැවීමට මම ආශා කරමි. එසේම සූපශාස්ත‍්‍ර ලිපි කපා එකතු කිරීමටද මම කැමැත්තෙමි.

මාගේ අන්තර්ජාලයේ බයිබල් පිටපතද තිබේ. එහෙත් තවමත් මා අශා කරන මුද්‍රණ පිටපතක්ද මට තිබේ.…